2015 සිට අය වැයට පැමිණි ජනපති මෙවර අය වැයට නොපැමිණෙයි චන්ද්‍රිකා පැමිණේ

March 5, 2019

ජනාධිපති  මෛත්‍රිපාල සිරිසේන මහතා බලයට පත්වීමෙන් පසු පත්වූ යහපාලන ජාතික රජයේ සියලු අය වැය ලේඛන ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූ ජනාධිපතිවරයා අද (05) පැවැති අය වැය ඉදිරිපත් කරන අවස්ථාවට සහභාගී වූවේ නැත.

2015 සිට ඉදිරිපත් කළ අය වැය 3 කටම ජනාධිපතිවරයා සහභාගී වුවද මෙවර ඔහු පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එසේවුවද හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අය වැය ඉදිරිපත් කරන අවස්ථාව නැරඹිට පාර්ල්මේන්තුවේ කතානායක ගැලරියට පැමිණ සිටියේය.

ජනතා විමුක්ති පෙරමුණ අය වැය විවාදයෙන් පසු පැවැත් වෙන තේ පැන් සංග්‍රහය වර්ජනය කරනා ලදි.

t

o

p