සමාදාන විනිසුරුවරුන්ගේ ධූර අවලංගු කිරිමේ බලය ගැනිමේ පනතක් පාර්ලිමේන්තුවට

March 6, 2019

සාමදාන විනිශ්චයකාරවරයකුගේ ධුරය අත් හිටුවීම හෝ අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ ඇමැතිවරයාට නිගෝග සෑදිය හැකි ලෙස අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පතක් ආණ්ඩුව විසින් අද (06) දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
එමෙන්ම කළාප , දිස්ත‍්‍රික්ක හෝ කොට්ඨාශ සඳහා මෙතෙක් සාමාදාන විනිශ්චයකාරවරයන් පත්කළ ක‍්‍රමය වෙනස් කරමින් පරිපාලන දිස්ත‍්‍රික්කයක් සඳහා සාමානදාන විනිශ්චයකාරවරයන් පත්කරීමට හැකිවන ලෙස ද අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීමට මෙමගින් ඉදිරිපත් කර ඇත.
මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට පෙර සමාදාන විනිශ්චකාරුන් කෙසේ පත්කර තිබුණද මෙම පනත් කෙටුම්පත සම්මත කිරීමෙන් පසුව එම සමාදාන විනිශ්චකාරවරයන්ගේ වාසස්ථාන පිහිටා ඇති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ඇතුළත් පරිපාලන දිස්ත‍්‍රික්කය සඳහා අදාළ වන බවද පනක් කෙටුපම්පත තුළ අන්තරගත කර තිබේ.
1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත මෙලෙස සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

t

o

p