ලංකාවේ ප්‍රාථමික අරමුදල සෘණ අගයක් වාර්තා කරනවා – බන්දුල ගුණවර්ධන

March 6, 2019

ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇති බවට ආණ්ඩුවේ ප්‍රකාශය සම්පුර්ණයෙන්ම අසත්‍ය බව පාර්ලිමේන්ු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (06දා) සඳහන් කළේය.

මේවනවිට ප්‍රාථිමක අරමුල සෘණ අගයක් ඇති බවත් එය ඔනැම අවස්ථාවන ඔප්පුකර පෙන්වීමට තමන් සුදානම් බවත් හෙතෙම පැවසුයේ පාර්ලිමේන්තුවේදී අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භකරමිනි.

මන්ත්‍රිවරයාගේ කතාවට ඇමති හර්ෂද සිල්වා මහතා පිළිතුරු දිමත් සමග විවාදයේදී උණුසුම් තත්වයක් හටගත් අතර බන්ධුල ගුණවර්ධන මහතා එහිදි මෙසේ පැවසීය.

ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිවෙලා තිබෙනවා කියලා මේ අයවැයේ කියලා තියෙනවා. මේක සම්පුර්ණ අසත්‍යයක්. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් නොමග යවලා තියෙනවා මේ ප්‍රකාශයෙන්.  දළ දේශිය නිශ්පාදනයෙන් 0.1 න් කියන්නේ රුපියල් බිලියන 15 ක්.  0.6 ක අතිරික්තයක් තියෙනවා කියන්නේ බොරුවක්. දෙසැම්බර් 31 දා වන විට නොගෙවපු  බිල්පත් බිලියන 90 ක් තිබෙනවා. ඒනිසා අදටත් ප්‍රාථමික ගිණුම සෘණ අගයක් තියෙන්නේ කියන එක මම වගකීමෙන් යුතුව කියනවා.

ඒවගේම අයවැයේ තව යෝජනාවක් තිබෙනවා උසස් පෙල දක්ෂතම ශිෂ්‍යයන් 14 දෙනාට ලෝකයේ උසස් විශ්ව විද්‍යාල ඉගෙන ගන්න අවස්ථාව දෙනවා කියලා. එහෙම කරලා වසර 15 ක් ලංකාවේ සේවය කරන්න අවස්ථාව දෙනවා කියලා. මෙහෙම ජනතාව මුලාකරන්න එපා. මගේ දුව ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාලයක ජෛව ඉංජිනේරු විෂය සඳහා පළමු පංති සමාර්ථයක් අරගත්තා. මේ දරුවාව මම ලංකාවට ගෙන්නුවා රටට වැඩකරන්න කියලා. නමුත් දැන් කියනවා එහෙම බාරගන්න බැරිලු. අපි සල්ලි දීලා උගන්වලා මේ රටට ගෙන්වන අය භාරගන්න බැහැ කියනවා නම් ආණ්ඩුවෙන් සල්ලි දීලා යවන අය භාරගනියිද? ජනතාව මෙහෙම රවට්ටන්න එපා. යැයි පැවසීය

t

o

p