මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලැබූ නිලධාරීන්ට විශේෂ පණිවුඩයක්

September 20, 2024

මැතිවරණ රාජකාරී සඳහා පත්වීම් ලිපි ලැබූ සියලුම නිලධාරීන් තමාට නියමිත දිනයේදී නියමිත ස්ථානයට අනිවාර්යෙන් ම රාජකාරී සඳහා වාර්තා කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.එල්. රත්නායක මහතා පවසයි.

මෙම පත්වීමි ලිපි වෙනස් කිරීමට හෝ අවලංගු කිරීමට දැනට කිසිදු හැකියාවක් නොමැති බවත් සේවයට වාර්තා නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ මහතා මෙහිදී අවධාරණය කරනලදි.

උපදෙස් පන්ති සඳහා සහභාගි වූ නිලධාරියෙකුට මෙතෙක් පත්වීම් ලිපි ලැබී නොමැති නම් මැතිවරණ කාර්යාලයෙන් විමසීම් කර එය නිරාකරණය කර ගන්නා ලෙසත් සභාපතිවරයා වැඩිදුරටත් පවසයි.

t

o

p