මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර මැතිවරණ කාලය තුළ ඉතාම අවම මට්ටමක

September 20, 2024

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

ඒ සියලු පුරවැසියන් නිදහස් හා සාධාරණ මැතිවරණයකට සහාය දක්වන්නේ නම් ඉදිරි දින කිහිපය තුළද සාමකාමී පරිසරයක් රට තුළ පවතිනු ඇති බවයි.

ඒ මහතා මේ බව සඳහන් කළේ වැඩසටහනකට එක්වෙමින් ය.

එමෙන්ම, පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා මෙවර මැතිවරණ කාලය තුළ ඉතාම අවම මට්ටමක පවතින බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර, ඡන්ද මධ්‍යස්ථාන ආවරණය වන පරිදි පොලිස් නිලධාරීන් 63,000ක් ඍජුවම ආරක්ෂාව වෙනුවෙන් යොදවා ඇති බවත්, ඊට අමතරව කැරලි මර්දන කණ්ඩායම් 241ක් ද සුදානමින් සිටින බවත් නිහාල් තල්දූව මහතා පැවසීය.

මීට අමතරව, ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,000ක් පොරොත්තු සේවයේ යොදවා ඇති බවත්, යම් අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඔවුන් කැඳවීමේ හැකියාව පවතින බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

තව ද, පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 3,000කට අදාළ පිරිසක් ද මැතිවරණ රාජකාරීවල යොදවා ඇති අතර සිවිල් ආරක්ෂක බළකායේ නිලධාරීන් 13,000ක පමණ පිරිසකගේ සහයෝගය ජංගම මුර සංචාර සඳහා ලබාදෙන බව ද ඒ මහතා පැවසීය.

t

o

p