හෙට දුම්රිය ධාවන කටයුතු සිදුවන්නේ මෙහෙමයි

September 20, 2024

ජනාධිපතිවරණය පැවැත්වෙන හෙට දිනයේ දී (21) දුම්රිය ධාවන කටයුතු සාමාන්‍ය පරිදි ම සිදුවන බව සඳහන් වෙයි.

දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ජේ.එන්. ඉඳිපොලගේ මහතාගෙන් කළ විමසීමකදීයි ඔහු එලෙස අදහස් දක්වා තිබුණේ.

ඒ අනුව, හෙට දිනයේ දී සුපුරුදු පරිදි සෙනසුරාදා දිනවලට ධාවනය කෙරෙන දුම්රියන් සියලුම දුම්රිය මාර්ගවලට අදාළව ඒ ආකාරයෙන්ම ධාවනය වීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා ඇත.

t

o

p