අවවාද, අනතුරු ඇගවිම් කළ හැකි වරදවලට සමාජ මාධ්‍ය පුරවැසියන්ට දඩුවම් නොකරන්න – අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ

අවවාද කිරීම්, අනතුරු ඇඟවීම් කළ හැකි වරදවලට පවා සමාජ මාධ්‍ය භාවිතා කරන පුරවැසියන් අත්අඩංගුවටගෙන රිමාන්ඩ්  නොකරන්නැයි අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ඉල්ලා සිටියි මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය වැඩිදුරටත් මෙසේද සදහන් කරයි. සමාජ මාධ්‍ය භාවිතා කරන සාමාන්‍ය ජනයා පවා මාධ්‍ය භාවිතය පිළිබඳ මනා අවබෝධයකින් කටයුතු කළ යුතු බව අයිතිය උදෙසා මාධ්‍යවේදියෝ සංවිධානය ලෙස අපි අවධාරණය කරන්නෙමු. Read More

සුද්දා ඇඟ බද්ද ගැහුවා, ආණ්ඩුව 15% ක “මෙන්සස් බද්ද” ක් ගැහුවා – පා. ම රෝහිණී කවිරත්න

 බ්‍රිතාන්‍ය ජාතිකයින් ඇඟ බද්ද ගැහුවා වගේ මේ ආණ්ඩුව දැන් 15% ක ‘මෙන්සස් බද්දක්‘ ගහලා, කාන්තාවන්ගෙන් මාස් ශුද්ධියෙනුත් ආදායම් උපයන්න හදනවා යැයි මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීණි රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.    1848 දී එංගලන්තයේ ටොරින්ටන් ආණ්ඩුකාරයා ඇඟ බද්ද, බලු බද්ද ඇතුළු බදු 7 ක් ගැහුවා.  මේ ආණ්ඩුව කාන්තාවන්ගේ ‘මාස් ශුද්ධියට බදු ගහපු ආණ්ඩුවක්‘ ලෙස ඉතිහාසගත Read More

ව්‍යාජ ඩොලර් 100 මුදල් නෝට්ටු මුද්‍රණයේ පරීක්ෂණ CID ට

ඇමරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනෙකු උපකරණත් සමග කන්තලෙන් හා ඉබ්බාගමුවෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය. කන්තලේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි ඇමරිකානු ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 341 ක් ද, ඉබ්බාගමුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි ඇමරිකානු ඩොලර් Read More

සනීපාරක්ෂක තුවාවලටත් බදු

2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට තවත් 15%ක බදු පණවලා. සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැහැදිලියි.   සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බවට තක්සේරු කර තිබෙනවා.  එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී Read More

කොරෝනා නීති කඩ කළ 62ක් අත්අඩංගුවට

මුහුණු ආවරණ නොපැලදීම සහ පුද්ගල දුරස්ථභාවය තබා නොගත් පුද්ගලයින් 62ක් ගෙවුණු පැය 24 කාලය තුළදී අත් අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා. මේ අනුව ඔක්තෝබර් 30 දින සිට අත්අඩංගුවට පත් ගණන 527ක් බවද ඒ මහතා සඳහන් කළේ. මොවුන්ට එරෙහිව නිරෝධායන නීතිය යටතේ ක්‍රියාමාර්ග ගන්නා බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා Read More

තවත් පොකුරු නිර්මාණය වීමේ අවදානමක්

දිවයින පුරා තවත් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී, වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කළේය. අද (21) දින සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී සමරවීර මහතා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සුදත් සමරවීර මහතා කියා සිටියේ ඊයේ දිනයේ දී මෙරට පීසීආර් Read More

ඔක්ස්ෆර්ඩ් එන්නතේ ප්‍රතිඵල සතුටුදායකයි

ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළාය. “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අප ධෛර්යට පත් කරන්නක්. පසුගිය සති කිහිපයේදී අපට මේ වගේ බලාපොරොත්තු ඇති කරන පුවත් කිහිපයක්ම වාර්තා වුණා. දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ගබඩා කළ හැකි අයුරින් Read More

ඉවත් වූ එ.ජා.ප මහ ලේකම් හමුවීමට පක්ෂ නායකයාගෙන් තීරණයක්

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) දැනුම් දී ඇත. පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ලබන වසරේ පත් කිරීමට නියමිත බවත් ඒ අවස්ථාවේදි අලුත් කණ්ඩායම් සදහා අවස්ථාව ලබාදීමට මෙලෙස ඉල්ලා අස්වන බවත් අකිල විරාජ් කාරියසම් මහතා පැවසීය. අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත දැනුම්දීම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ Read More

බන්ධනාගාර පොකුරේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු කර සිටි 82 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඔහු කෙරෝනා අසාදිතයෙකු බව පසුව කළ පරීක්ෂණයේදි හදුනාගෙන තිබේ. ඔහු පිලිකා රෝගයකින් පෙළි ඇති අතර ඊට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කිරීම Read More

t

o

p