සනීපාරක්ෂක තුවාවලටත් බදු

November 24, 2020

2021 අයවැය යෝජනාවලින් පසු ආණ්ඩුව සනීපාරක්ෂක තුවාවලට තවත් 15%ක බදු පණවලා.

සනීපාරක්ෂක තුවායක් මිලදීගැනීමේදී ලාංකික කාන්තාවක් විසින් විශාල බදු ප්‍රමාණයක් ගෙවිය යුතු බව පැහැදිලියි.  

සාමාන්‍යයෙන් ගත් කල කාන්තාවන් සිය ජීවිත කාලය තුළදී දින 2500 – 3000 අතර කාලයක් ඔසප් වීම සමඟ ගත කරන බවට තක්සේරු කර තිබෙනවා. 

එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ අධ්‍යයනයක් අනුව, ශ්‍රී ලංකාවේ මව්පියන්ගෙන් 60%ක් සිය දියණියන් ඔසප් දිනවලදී පාසල් යවන්නේ නැහැ.    80%ක් මව්පියන් සිතන පරිදි මෙම දිනවලදී නෑම මගහැරිය යුතුයි.

සෞඛ්‍ය ප්‍ර‍වර්ධන කාර්යාංශයේ සේවය කරන ප්‍ර‍ජා වෛද්‍ය විශේෂඥ අසන්ති ප්‍ර‍නාන්දු බලපිටියගේ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ ප්‍ර‍ජා වෛද්‍ය මහාචාර්ය පුෂ්පා ජයවර්ධනගේ සහභාගිත්වයෙන් කලුතර දිස්ත්‍රික්කයේ 10 ශ්‍රේණියේ පාසල් ශිෂ්‍යාවන් අතර වසර පහකට පමණ ඉහතදී කරන ලද සමීක්ෂණයකදී හෙළිදරව් වූ පරිදි එම ගැහැණු ළමයින්ගෙන් 44.4%ක් ඔසප් දිනවලදී පාසල් යාම මගහරින බව පවසා තිබුණා. 

එසේම, ඔසප් ස්වස්ථතාව වෙනුවෙන් අවශ්‍ය පහසුකම් තිබුණේ දිස්ත්‍රික්කයේ පාසල් අතරින් 48.9%ක පමණයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ඔසප් සනීපාරක්ෂාවට රජය උදව් කළ යුතුව තිබෙන සමයක, කාන්තාවක් සෞඛ්‍ය ඇමති ධුරය හොබවද්දී පවා පුරුෂාධිපති ආණ්ඩුව සනීපාරක්ෂක තුවායට තවත් අලුත් බදු එකතු කිරීම රාජ්‍ය නොපනත්කමකි.

t

o

p