ව්‍යාජ ඩොලර් 100 මුදල් නෝට්ටු මුද්‍රණයේ පරීක්ෂණ CID ට

November 24, 2020

ඇමරිකානු ඩොලර් 100 මුදල් නෝට්ටු ව්‍යාජ ලෙස මුද්‍රණය කළ පුද්ගලයන් දෙදෙනෙකු උපකරණත් සමග කන්තලෙන් හා ඉබ්බාගමුවෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.

කන්තලේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි ඇමරිකානු ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 341 ක් ද, ඉබ්බාගමුව ප්‍රදේශයේදි අත්අඩංගුවට ගත් සැකකරු සන්තකයේ තිබි ඇමරිකානු ඩොලර් 100 ව්‍යාජ මුදල් නෝට්ටු 31 ක් ද සොයා ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මුදල් නෝට්ටු මුද්‍රණය කළ ආකාරය යොදා ගත් උපකරණ යනාදිය මෙන්ම සහාය දුන් පුද්ගලයන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක වන බවත් ඉදිරි පරික්ෂණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කළ බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

t

o

p