ඔක්ස්ෆර්ඩ් එන්නතේ ප්‍රතිඵල සතුටුදායකයි

November 24, 2020

ඔක්ෆ්වර්ඩ් විශ්වවිද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගමේ එන්නත සම්බන්ධයෙන් මේ වනවිට නිකුත්ව ඇති ප්‍රතිඵල සතුටට කරුණක් බව
ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් ප්‍රකාශ කළාය.

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත අප ධෛර්යට පත් කරන්නක්. පසුගිය සති කිහිපයේදී අපට මේ වගේ බලාපොරොත්තු ඇති කරන පුවත් කිහිපයක්ම වාර්තා වුණා. දැරිය හැකි මිලකට සහ පහසුවෙන් ගබඩා කළ හැකි අයුරින් මේ එන්නත නිෂ්පාදනය කිරීමට ඔක්ෆ්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සහ ඇස්ට්‍රා සෙනෙකා සමාගම ගත් වෙහෙසට අපි කෘතඥ වෙනවා” යැයි රොයිටර්ස් පුවත් සේවයට නිවේදනයක් නිකුත් කරමින් සෞම්‍යා ස්වාමිනාදන් සඳහන් කළාය.

“මේ පුවත සුබදායක ආරංචියක්. සෑම රටකටම හැමතැනම ඉන්න ජනතාවට මෙය ඉතා වැදගත්” යැයි සෞම්‍යා ස්වාමිනාදන් කීවාය.

t

o

p