ඉවත් වූ එ.ජා.ප මහ ලේකම් හමුවීමට පක්ෂ නායකයාගෙන් තීරණයක්

November 23, 2020

එක්සත් ජාතික පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත්වන බව හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) දැනුම් දී ඇත. පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ලබන වසරේ පත් කිරීමට නියමිත බවත් ඒ අවස්ථාවේදි අලුත් කණ්ඩායම් සදහා අවස්ථාව ලබාදීමට මෙලෙස ඉල්ලා අස්වන බවත් අකිල විරාජ් කාරියසම් මහතා පැවසීය.


අකිල විරාජ් කාරියවසම් මහතා ඉහත දැනුම්දීම කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පෙරවරුවේ පැවති පක්ෂ ජේෂ්ඨයන්ගේ හමුවේදීය.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා සතිඅන්තයේ අනුරාධපුරය සහ මහනුවර දිස්ත්‍රික්ක වල පක්ෂ ක්‍රියාකාරීන් හමුවේ දී ඉදිරිපත් කෙරුණු යෝජනා අදහස් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ඉහත සාකච්ඡාව කැඳවා තිබුණි.
දැනට පුරප්පාඩු වී තිබෙන එජාප  ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ යුතු බව එජාප ජේෂ්ඨයන් සියලු දෙනාගේම ප්‍රබල ඉල්ලීම් ඉදිරිපත් කෙරුණද ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අවසන් එකගතාවයක් පළ කර නැත.
පක්ෂ මහලේකම් ධුරයෙන් ඉවත් වූ බව දැනුම් දුන් අකිල විරාජ් කාරියවසම් මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් පසුව පැවැත්වීමට තීරණය කර ඇත

t

o

p