බන්ධනාගාර පොකුරේ පළමු කොවිඩ් මරණය වාර්තා වෙයි

November 23, 2020

වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාර රෝහල වෙත ප්‍රතිකාර සදහා යොමු කර සිටි 82 හැවිරිදි පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර ඔහු කෙරෝනා අසාදිතයෙකු බව පසුව කළ පරීක්ෂණයේදි හදුනාගෙන තිබේ.

ඔහු පිලිකා රෝගයකින් පෙළි ඇති අතර ඊට ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගෙන ඇත. වැලිකඩ බන්ධනාගාර රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට කටයුතු කිරීම හේතුවෙන් රෝගී රැදවියන් 112 දෙනෙකු මහර බන්ධනාගාර රෝහල වෙත මාරු කර යවා තිබේ. ඒ අතර සිටි රැදවියන් තිදෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති අතර මිය ගිය රැදවියාද අයහපත් සෞඛ්‍ය තත්ත්වයක් පෙන්නුම් කිරීම හේතුවෙන් රාගම ශික්ෂණ රෝහලට මාරු කර යවා තිබේ. එහිදි රැදවියා මියගිය පසු දේහය සම්බන්ධයෙන් කළ පී.සී.ආර් පරික්ෂාවේදි ඔහුද කොරෝනා අසාදිතයෙකු බවට තහවුරුවී ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
 

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් වරදකරු වී ඇති එම රැඳවියා වැලිකඩ බන්ධනාගාරය වෙත රැගෙනවිත් ඇත්තේ 2006 වසරේදී බවට වාර්තාවේ. 

t

o

p