ජනාධිපතිවරණයට සියල්ල සූදානම්

September 19, 2024

ජනාධිපතිවරණය සඳහා සියල්ල සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසද්දි සියලු දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීවරුන් ද පවසන්නේ තම ප්‍රදේශයන් හි මැතිවරණයට අදාළ සියලු කටයුතු සුදානම් කර ඇති බවයි.

මෙවර ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි සමස්ත ඡන්දදායකින් සංඛ්‍යාව එක්කෝටි හැත්තෑඑක්ලක්ෂ හතලිස්දහස් තුන්සිය පනස්හතරක්.

ඔවුන් දිවයින පුරා මධ්‍යස්ථාන රැසකදී අනිද්දා දිනයේ ඡන්දය ප්‍රකාශ කිරීමට සූදානම්ව සිටියි. ඊට අදාළ සියලු කටයුතු සුදානම්කර ඇති බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරීන් ද පවසයි.

t

o

p