යුද හමුදාපති හා පොලිස්පති මානව හිමිකම් කොමිසම හමුවට

යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (11) දිනයේ මානව හිමිකම් කොමිසමට කැඳවා තිබේ. පසුගිය 09 වනදා රට තුළ සිදුවූ කලහකාරී තත්ත්වයන් පාලනය කිරීමට පියවර නොගැනීමත් වෙඩිතැබීමේ සිද්ධීන් කිහිපයක් වාර්තා වී ඇති අතර ඒවා සම්බන්ධයෙන් ද කරුණු දක්වන ලෙස මානව හිමිකම් කොමිසම දැනුම් දී ඇත.

ත්‍රෛනිකායික මහනාහිමිවරුගෙන් විශේෂ ප්‍රකාශයක්

මල්වතු පාර්ශයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන,ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ මහනායක අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි,ශ්‍රී ලංකා රාමඤ්ඤ මහනිකායේ මහනායක අතිපූජ්‍ය මකුලෑවේ විමල යන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා සිය අත්සනින් යුතුව ජනපති,අගමැති,විපක්ෂනායක හා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු‍ මන්ත්‍රීවරු මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ත්‍රෛනිකායික මහනාහිමිවරු මේ බව අවධාරණය කරති. රට තුළ උද්ගතව Read More

මහින්ද ඉල්ලා අස් වෙයි

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඊයේ (9) ඉල්ලා අස් වූයේය. ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (9) භාර දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය. මේ සමඟම සියලු අමාත්‍ය ධුර සහිත කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර ජනාධිපතිවරයාට නව අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි. මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය Read More

වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම පොලිස් ඇඳිරිනීතිය

මීට පෙර බස්නාහිර පළාතට පනවා තිබූ පොලිස් ඇඳිරිනීතිය සංශෝධනය කරමින් වහාම ක්‍රියාත්මක වන පදිරි මේ මොහොතේ සිට දිවයිනම ආවරණය වන පරිදි පොලිස් ඇඳිරිනීතිය පනවා තිබේ. නැවත දැනුම්දෙන තුරු එම පොලිස් ඇඳිරිනීතිය බලාත්මකය.

කොළඹට වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ඇදරි නීතිය පනවයි

කොළඹ උතර, කොළඹ මධ්‍යම, කොළඹ දකුණ යන පොලිස් ස්ථාන පොලිස් බල ප්‍රදේශ වලට වහාම ක‍්‍රියාත්මක වන පිරිදි ඇදරි නීතිය පනවන ලද බව පොලිසිය දැනුම් දෙයි.

ගෝටාගෝගම අරගලකරුවන්ට ප‍්‍රහාරයක්

ගාලු මුවදොර පවත්වාගෙන එන ‘ගෝඨාගෝගම’ විරෝධතා භූමියට පැමිණි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආධාරකරුවන් විසින් එම භූමියට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. එහි අටවා තිබූ අට්ටාල ගලවා විසි කර ගිනි තබා දැමීමටද කටයුතු කර ඇත. තත්ත්වය පාලනය සඳහා පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර කර තිබේ. තුවාල ලත් පුද්ගලයන් කිහිප දෙනෙකු මේ වන විට රෝහල්ගත Read More

යෝෂිත සහ ඔහුගේ බිරිය සිංගප්පූරුවට

අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී අගමැති පුත් යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ බිරිය අද අලුයම කටුනායක ගුවන් තොටුපළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ . ඔවුන් අද අලුයම 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 469 දරන ගුවන් යානයෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ .

ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් යළිත් ලිපියක්

රට තුළ දේශපාලන, සාමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව තෛන්‍රිකායික මහ නා හිමිවරුන් යළිත් අවධාරණය කරනවා. ඒ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන් වෙත ලිපියක් යොමු කරමින්. මෙරට තුළ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිමට යෝජනා කරමින් මීට පෙර යෝජනා මාලාවක් ඉදිරිපත් Read More

t

o

p