ත්‍රෛනිකායික මහ නා හිමිවරුන්ගෙන් යළිත් ලිපියක්

May 8, 2022

රට තුළ දේශපාලන, සාමාජීය හා ආර්ථික ස්ථාවරත්වයක් ඇති කර ජන ජීවිත සුරක්ෂිත කිරීමට වහා ක්‍රියාත්මක විය යුතු බව තෛන්‍රිකායික මහ නා හිමිවරුන් යළිත් අවධාරණය කරනවා. ඒ, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, විපක්ෂ නායකවරයා ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රිවරුන් වෙත ලිපියක් යොමු කරමින්.

මෙරට තුළ ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කිරිමට යෝජනා කරමින් මීට පෙර යෝජනා මාලාවක් ඉදිරිපත් කළ බවත්, එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් සිටින බවට ජනාධිපතිවරයා තමන් වහන්සේලා වෙත දන්වා එවූ බවත් එම ලිපියේ සඳහන් වෙයි.

එහෙත් මේ දක්වා රට තුළ පවතින අර්බුද සඳහා සාධනීය මැදිහත්වීමක් සිදුකිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන කිසිඳු මහජන නියෝජිතයෙකු කටයුතු නොකිරීම පිළිබඳ අප්‍රසාදය පළ කරන බවයි ත්‍රෛනිකායින මහ නා හිමිවරුන් පවසන්නේ.

t

o

p