මහින්ද ඉල්ලා අස් වෙයි

May 10, 2022

මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයෙන් ඊයේ (9) ඉල්ලා අස් වූයේය. ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ඊයේ (9) භාර දුන් බව අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය ප්‍රකාශ කළේය.

මේ සමඟම සියලු අමාත්‍ය ධුර සහිත කැබිනට් මණ්ඩලය අහෝසි වී යන අතර ජනාධිපතිවරයාට නව අගමැතිවරයකු හා ඇමැති මණ්ඩලයක් පත් කර ගැනීමට සිදු වෙයි.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වූ බව නිවේදනය කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

t

o

p