අඩු මිලකට ඩිජිටල් ගමන් බලපත්‍රයක් ලැබෙන දින වකවානු මෙන්න

නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්‍රය ඔක්තෝබර් මස 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි. නව විදෙස් ගමන් බලපත්‍ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත්, ඉන් 50,000ක පළමු තොගය ඔක්​තෝබර් 15 වැනි දා වනවිට මෙරටට ලැබෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විදේශීය දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

අබුඩාබි නුවර සිට නීති විරෝධීව මෙරට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ සැකකරුවකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසකුයි වැටලීම සිදු කරනලදි. විදේශීය නිෂ්පාදිත දුම්වැටි විසි දෙදහසක් සොයා ගැණුනි. සැකකරු ලබන 11 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වා පොලිස් ඇප මත මුදාහැර තිබේ.

ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹේ

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වීමට නියමිතව තිබේ. ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොම්ෂන් සභා කාර්යාල, ජේෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද Read More

අපේක්ෂා රෝහලේ සිව් මහල් ළමා වාට්ටුව විවෘත කෙරේ

කතරගම දෙවියන්ට පිං පිණිස රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන් විසින් ලබාදෙන ආධාර මුදලින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විරෝධාර රණවිරුවන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද මහරගම අපේක්ෂා රෝහලේ සිව්මහල් ළමා වාට්ටු සංකීර්ණය අද (03) වන දින පෙ.ව 8.30 විවෘත කෙරිණි මෙම අවස්ථාවට කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් වික්‍රමරත්න මහතා, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ඇතුළු Read More

රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි – එස්. සදාසිවම්

මේ රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි එස්. සදාසිවම් මහතා පවසයි.හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවකින් පසුව මාධ්‍ය වෙත මේ බව පැවසු එස්. සදාසිවම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.මේ රට මෙයට අවුරුදු දෙකකට පමන පෙරදි දැඩි Read More

ගොවීන්ගේ වගා ණය කපා හැරීමට තීරණයක්

කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.

සුළු ජාතික ප්‍රජාවේ බහුතරය මා සමගයි – ජනපති 

සුළු ජාතික ප්‍රජාවේ බහුතරය තමන්ට සහයෝගය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. සුළු ජාතික දේශපාලන පක්ෂවල නායකයින් අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මුල් තැන දෙමින් කටයුතු කරත් සුළු ජාතික ප්‍රජාව සිටින්නේ තමන් සමඟ බවයි ජනාධිපතිවරයා කියා සිටියි. ආස්ක් මී එනිතින් විශේෂ වැඩසටහනේදි යොමුවු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියි. ස්වාධින අපේක්ෂකයෙකු Read More

රුපියල් මිලියන 480ක බදු අහිමි කල දුම්වැටි තොගය විනාශ කිරීමට පියවර

නීතිවිරෝධී දුම්වැටි ජාවාරමට එරෙහිව 2024 වසරේ මුල් මාස 6 තුළ සිදුකරන ලද මෙහෙයුම්වලදී කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ දී අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකා රේගුව විසින් රාජසන්තක කරන ලද රුපියල් මිලියන 75 කට වැඩි වටිනාකමකින් යුතු දුම්වැටි මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කිරීම ශ්‍රී ලංකා රේගුවේ අධීක්ෂනය යටතේ ලංකා දුම්කොළ සමාගම විසින් සිදු කරනු ඇත.එමගින් Read More

නිවාස නැති අයට යුද හමුදාවෙන් නිවාස 800ක්

උතුරේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමට යුද හමුදාව ඇරඹූ වැඩපිලිවෙල තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි. රණවිරු දෑත්වලින් මේ දක්වා ඉදිකර දී ඇති නිවාස සංඛ්‍යාව 800කට අධිකයි. යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචිකළ පවුල් මෙන්ම යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම වෙනුවෙන් යුද හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ. නිවාස නොමැති Read More

තැපැල් ඡන්දය බදාදා ඇරඹෙයි

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම ලබන බදාදා (04) ආරම්භ වීමට නියමිතව තිබේ. තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම සඳහා ඡන්ද දායකයින් 712319ක් සුදුසුකම් ලබා ඇති බව සඳහන්. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යාල, නිලධාරීන් 04 වැනිදා තැපැල් ඡන්ද ලකුණු කිරීමට නියමිතයි. එමෙන්ම පොලිස් ස්ථාන, ත්‍රිවිධ හමුදා කඳවුරු, විශේෂ කාර්ය බලකාය සහ සෙසු රාජ්‍ය ආයතනවල සේවකයින් 05 Read More

t

o

p