උතුරේ නිවාස අහිමි අඩු ආදායම්ලාභී පවුල් සදහා නිවාස ඉදිකර දීමට යුද හමුදාව ඇරඹූ වැඩපිලිවෙල තවදුරටත් සාර්ථකව ක්‍රියාත්මකයි.
රණවිරු දෑත්වලින් මේ දක්වා ඉදිකර දී ඇති නිවාස සංඛ්‍යාව 800කට අධිකයි.
යුද ගැටුම් හේතුවෙන් අවතැන්ව යළි පදිංචිකළ පවුල් මෙන්ම යාපනය සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල අඩු ආදායම්ලාභී පවුල් නගා සිටුවීම වෙනුවෙන් යුද හමුදාව වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබේ.
නිවාස නොමැති පවුල් වෙනුවෙන් ස්ථිර නව නිවාස ඉදිකර දීම ඒ අතරින් ප්රමුඛ වැඩපිලිවෙලක්.
විවිධ පාර්ශ්වවල සහාය ලබාගනිමින් යුද හමුදා සාමාජිකයින්ගේ ශ්‍රම දායකත්වයෙන් මෙම නිවාස ඉදිකිරීම සිදුවෙයි.
ඒ යටතේ යාපනය ආරක්ෂක සේවා මූලස්ථානයේ මෙහෙයවීමෙන් කිලිනොච්චිය සහ යාපනය දිස්ත්‍රික්ක දෙකෙහි මේ දක්වා නිවාස 800කට අධික සංඛ්‍යාවක් ඉදිකර තිබීම විශේෂත්වයක්.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ මගපෙන්වීම මත නිවාස ඉදිකිරීමේ වැඩටසහන ක්‍රියාවට නැංවිය.
යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් චන්දන වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීම මත 55 වන සේනාංකයට අයත් 553 වන බලසේනාව විශ්වමඩු ප්‍රදේශයේත් 51වන සේනාංකය යාපනය අච්චුවේලි ප්‍රදේශයේත් ඉදිකළනව නිවාස ප්‍රතිලාභී පවුල් වෙත භාර දීම පසුගියදා සිදුවිය.
ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන්. 55 වන සේනංකාධිපති මේජර් ජෙනරාල් නලින් ජයවර්ධන 51 වන සේනාංකාධිපති මේජර් ජෙනරාල් ඩබ්ලිව් පී වී බී ජේ කේ විමලරත්න යන මහත්වරුන් ඇතුලු ආරක්ෂක අංශ නිලධාරීන් මෙම අවස්ථාවන්ට එක්විය.