ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද විමසුම අද ඇරඹේ

September 4, 2024

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද විමසීම අද (04) ආරම්භ වීමට නියමිතව තිබේ.

ඒ අනුව අද දිනයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කොම්ෂන් සභා කාර්යාල, ජේෂ්ඨ සහ නියෝජ්‍ය පොලිස්පති කාර්යාල, පොලිස් අධිකාරී සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාල, පොලිස් ස්ථාන, විශේෂ කාර්ය බළකා කඳවුරු, විශේෂ පොලිස් ඒකක සහ ප්‍රභූ ආරක්ෂක කොට්ඨාස යන ස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩලවලට තැපැල් ඡන්ද ලකුණු කිරීමේ අවස්ථාව හිමිව තිබේ.

අද දිනයට අමතරව අදාළ ස්ථානවල ලබන හයවන දිනද තැපැල් ඡන්ද ලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බවයි මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි.

t

o

p