රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි – එස්. සදාසිවම්

September 3, 2024

මේ රට සංවර්ධනය කර ජනතාවට සහන දිමට හැකි එකම නායකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව ලංකා කම්කරු එක්සත් පෙරමුණේ මහ ලේකම් හිටපු පාර්ලීමේන්තු මන්ත්‍රි එස්. සදාසිවම් මහතා පවසයි.
හැටන් නගරයේ පැවති පාක්ෂික හමුවකින් පසුව මාධ්‍ය වෙත මේ බව පැවසු එස්. සදාසිවම් මහතා එහිදි වැඩි දුරටත් මෙසේද පවසන ලදි.
මේ රට මෙයට අවුරුදු දෙකකට පමන පෙරදි දැඩි අර්බුදයකට ලක් වුනා එදා මේ රට බාර ගන්න සමහර නායකයන් මග හරිද්දි මේ රට බාර ගත්ත රනිල් වික්‍රමසිංහ මහතා මේ රට යම් තත්වයකට රැගෙන ආවා.
අද රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දය ඉල්ලන්නේ මේ රට වැටි තිබු තත්වයෙන් යම් තරමින් ගොඩ අරගෙනයි එම නිසා අපි සියළුම දෙනා එකට එක්ව නැවත මේ රටේ පාලනය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දිමට පියවර ගත යුතුයි.
රනිල් වික්‍රමසිංහ කියන්නේ වසර ගනනාවක අත් දැකිම් ඇති ජත්‍යන්ත්‍රරයේ සහායෝගය ලබා ගන්න පුලුවන් උදාර නායකයෙක් එම තත්වයන් මත රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහානය උදේසා ලංකා කම්කරු එක්සත් පෙරමුණේ සියළුම සමාජිකයන් එකට එක්ව කටයුතු කරයි.

මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

t

o

p