කෘෂිකාර්මික කටයුතු සඳහා ගොවීන් විසින් ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බවයි.