සුළු ජාතික ප්‍රජාවේ බහුතරය මා සමගයි – ජනපති 

September 3, 2024

සුළු ජාතික ප්‍රජාවේ බහුතරය තමන්ට සහයෝගය දක්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

සුළු ජාතික දේශපාලන පක්ෂවල නායකයින් අනෙකුත් ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට මුල් තැන දෙමින් කටයුතු කරත් සුළු ජාතික ප්‍රජාව සිටින්නේ තමන් සමඟ බවයි ජනාධිපතිවරයා කියා සිටියි.

ආස්ක් මී එනිතින් විශේෂ වැඩසටහනේදි යොමුවු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනුයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියි.

ස්වාධින අපේක්ෂකයෙකු ලෙස පෙනි සිටින ජනාධිපතිවරණයට තරග වදින රනිල් වික්‍රමසිංහ මහතාගෙන් අවශ්‍ය ඕනෑම ගැටලුවක් නිරාකරණය කරගැනිමට වෘත්තියවේදින්ට ඊයේ අවස්ථාව උදාකර දි තිබුණි.

ඒ ආස්ක් මී එනිතින් විශේෂ වැඩසටහන යටතේ.

විදේශ ගමන් බලපත්‍ර ලබාගැනිම සම්බන්ධයෙන්ද මෙහිදි ප්‍රශ්න කෙරුණු අතර ජනාධිපතිතුමා එහිදි කියා සිටියේ පවතින තදබදය කඩිනමින් විසදිමට රජය කටයුතු කරන බවයි. තවද මෙරට විදේශ ගමන් බලපත්‍රය ඩිජිටල්කරණය කිරිමේ රජයේ වැඩපිළිවෙල කිසිලෙසකින්වත් අත් නොහරින බවද ජනාධිපතිවරයා කියා සිටියි.

t

o

p