නව ආරක්ෂක උපාංගයන්ගෙන් සමන්විත විදෙස් ගමන් බලපත්රය ඔක්තෝබර් මස 15 වැනි දා වනවිට මෙරටට ලැබෙනු ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.
නව විදෙස් ගමන් බලපත්ර ලක්ෂ 50ක් ඇණවුම් කර ඇති බවත්, ඉන් 50,000ක පළමු තොගය ඔක්තෝබර් 15 වැනි දා වනවිට මෙරටට ලැබෙන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කරයි.