ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ ( 09) සටහන් කළේය. 1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදරිපත් කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය. ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2023 අංක Read More

බම්බලපිටිය ගුවන් පාලම හදන්න ජනපතිගෙන් උපදෙස්

බම්බලපිටිය දුම්රිය ස්ථානයේ අබලන්ව ඇති මගී ගුවන් පාලම වෙනුවට නව පාලමක් කඩිනමින් ඉදිකරන ලෙසට ජනාධිපතිවරයා උපදෙස් දී ඇති බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. මාස 5ක කාලයක් ඇතුළත මෙම නව ගුවන් පාලම ඉදිකරන ලෙසට ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා වෙත දැනුම් දී ඇති බව එම නිවේදනයේ සඳහන්. එම කාලය Read More

ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) සිදුකිරීමට නියමිතයි. පවුලේ ඥාතීන් දැනුම් දී ඇත්තේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී එදින පස්වරු 3.00ට ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බවයි. ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය ඊයේ පස්වරුවේ අංක 57, Read More

ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වැනි සංවත්සරය අද

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. ජාතියේ ආරක්ෂකයන් ලෙසින් ජනතා ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද හමුදාව 1949 ඔක්තෝබර් 10දා මෙරට ස්ථාපිත කර ඇත. එදා මෙදා තුර මාතෘ භූමියට එරෙහිව එන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණදී ජය ගැනීමේ ශක්තිය යුද හමුදාව සතුය. විශේෂයන්ම තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී කොටි ත්‍රස්තවාදය Read More

නායයෑමේ රතු නිවේදන දීර්ඝ කෙරේ

අද (10) දිනයේ පස්වරු 4 දක්වා ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබේ. ගාල්ල,කළුතර සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකට පනවා තිබූ නායයෑමේ රතු නිවේදන දීර්ඝ කර තිබෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. එමෙන්ම බදුල්ල ,කොළඹ ,ගම්පහ, හම්බන්තොට ,කෑගල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයකටත් නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදන දීර්ඝ කර තිබේ.

ඊශ්‍රායල අර්බුදය පිළිබඳව ජනපතිගෙන් අමාත්‍ය මණ්ඩලයට පැහැදිලි කිරීමක්

ඊශ්‍රායලයේ සිදු වූ මෑත කාලීන ප්‍රහාර සහ එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට සහ ඊශ්‍රායල ජනතාවට එමගින් ඇතිවී තිබෙන බලපෑම් පිළිබඳ තම දැඩි අවධානය යොමුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (09) අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අදහස් දක්වමින් පැවසීය. ඊශ‍්‍රායලයේ සේවය කරන ශ‍්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා කඩිනම් කි‍්‍රයාමාර්ග ගැනීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා Read More

කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් විවෘත කෙරේ

තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි. කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම නිසා මෙය වෛද්‍යවරුන් Read More

කුණු සැමන් උසාවි නියමයෙන් වනසයි

මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් එක්කොටි තිස්හත් ලක්ෂයක වටිනා සැමන් ටින් තොගයක් රජයේ රස පරීක්ෂක වාර්තා අනුව හා දඹුල්ල මහෙස්ත්‍රාත් උසාවි නියෝගය මත ඉනාමලුව කසළ අංගණයේ දී විනාශ කිරීමට කටයුතු කළේය. පාරිභෝගික අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව 2023 ජනවාරි 3වන දින කරන ලද වැටලීමේ දී ගලේවෙල තලකිරියාගම ගබඩාවක සඟවා තිබියදී පරීක්ෂාවට ලක් කර සැක සහිත නිසා දඹුල්ල Read More

මතට ගොදුරු වූවන් සුව කරන්න මත් බද්ද මෙන් තුන් ගුණයක් වැය වෙයි

දුම්වැටි හා මත්පැන් වලින් ආණ්ඩුව උපයන මුදල මෙන් තුන් ගුණයක් මත් උවදුරට ගොදුරුවූ පුද්ගලයින්ට ප්‍රතිකාර වෙනුවෙන් වැය කරන බව සෞඛ්‍යය විශේෂඥයින් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේදී පැවසුහ. මේ පිළිබඳ කරුණු අනාවරණය වුයේ රට තුළ සීඝ්‍ර ලෙස පැතිරෙමින් පවතින මත්ද්‍රව්‍ය උවදුර වහා පාලනය කොට මුලිනුපුටා දැමීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ක්‍රමවේද පිළිබඳව කරුණු සොයා බලා ඒ Read More

ගැසට් පත්‍ර 6කට රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ අනුමැතිය

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී ගැසට් පත්‍ර 6 ක් සළකාබලා අනුමැතිය ලබා දෙනලදි. 2003 අංක 25 දරන මුදල් පනත යටතේ අංක 2329/19 සහ 2342/24 දරන ගැසට් පත්‍ර පිළිබදව මෙහිදී අවධානය යොමු විය. මෙම ගැසට් පත්‍ර අනුව රත්මලාන සහ යාපනය ගුවන්තොටුපළ සිට අපගමන බදු ප්‍රමාණය (Embarkation Read More

t

o

p