ශ්‍රී ලංකා යුද හමුදාවේ 74 වැනි සංවත්සරය අද

October 10, 2023

ශ්‍රී ලංකා යුද හමුදාවේ අභිමානවත් 74 වැනි සංවත්සරය අද (10)ට යෙදී ඇත. ජාතියේ ආරක්ෂකයන් ලෙසින් ජනතා ගෞරවාදරයට පත් ශ්‍රී ලංකා යුද හමුදාව 1949 ඔක්තෝබර් 10දා මෙරට ස්ථාපිත කර ඇත.

එදා මෙදා තුර මාතෘ භූමියට එරෙහිව එන ඕනෑම අභියෝගයකට නොසැලී මුහුණදී ජය ගැනීමේ ශක්තිය යුද හමුදාව සතුය.

විශේෂයන්ම තිස් වසරක් පුරා පැවති කුරිරු යුද්ධයේදී කොටි ත්‍රස්තවාදය 2009 වසරේදී මුළුමනින්ම පරාජයකර සමස්ත ශ්‍රී ලංකාවාසි ජනතාවට පූර්ණ නිදහස ලබාදීමට යුද හමුදාවට හැකි විය. ඒ වගේම ජාතික ආපදාවන්හිදී ජනතාවගේ පිහිටට එන මේ අභිමානවත් මිනිසුන් මේ මොහොතේදීත් දකුණේ ගංවතුරින් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසමින් සිටීම විශේෂත්වයක්.

t

o

p