ජැක්සන් ඇන්තනීගේ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා

October 10, 2023

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අභාවප්‍රාප්ත වූ ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය පිළිබඳ අවසන් කටයුතු ලබන බ්‍රහස්පතින්දා (12) සිදුකිරීමට නියමිතයි.

පවුලේ ඥාතීන් දැනුම් දී ඇත්තේ රාගම ශුද්ධවූ පේදුරු හා පාවුළු දේවස්ථානයේ දී එදින පස්වරු 3.00ට ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකරන බවයි.

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනීගේ දේහය ඊයේ පස්වරුවේ අංක 57, වනිගසූරිය වත්ත, රාගම පාර, කඩවත යන පෞද්ගලික ලිපිනයේ තැන්පත් කරන ලදි.

2022 වසරේ ජුලි මස 02 වනදා අනුරාධපුර – තලාව මාර්ගයේ මොරගොඩ ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පසු ප්‍රතිකාර සඳහා ඔහු ජාතික රෝහලට ඇතුළත් කරන ලදි.

එදින සිට මාස 14ක පමණ කාලයක් එම රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු (09) අලුයම දැයෙන් සමුගන්නා ලදී.

t

o

p