ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත සම්මතයි

October 10, 2023

පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සිය සහතිකය ඊයේ ( 09) සටහන් කළේය.

1961 අංක 31 දරන ආයුර්වේද පනත සංශෝධනය කිරීම සදහා ඉදරිපත් කරන ලද ආයුර්වේද (සංශෝධන) පනත් කෙටුම්පත  පාර්ලිමේන්තුවේදී පසුගිය සැප්තැම්බර් 5 වැනිදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

ඒ අනුව උක්ත පනත් කෙටුම්පත 2023 අංක 19 දරන ආයුර්වේද (සංශෝධන) පනත වශයෙන් ඊයේ දින සිට බලාත්මක වේ.

t

o

p