කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් විවෘත කෙරේ

October 9, 2023

තවත් ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට මධ්‍යම වශයෙන් නිරීක්ෂණය වන, පූර්ණ-ස්වයංක්‍රීය, කාන්තාවන් විසින් මෙහෙයවනු ලබන IOC ඉන්ධන පිරවුම්හලක් පසුගියදා විවෘත කරන ලදි.

කොළඹ නගරයේ රෝහල් චතුරශ්‍රයේ පිහිටා ඇති මෙය, පසුගිය දශක දෙකක කාලය තුළ නගර සීමාව තුළ අලුතින් පිහිටුවන ලද ප්‍රථම ඉන්ධන පිරවුම්හල ලෙස සැලකේ. රෝහලට ආසන්නයේ පිහිටා තිබීම නිසා මෙය වෛද්‍යවරුන් සහ රෝගීන් ඇතුළු සියලුම දෙනාට ඉමහත් පහසුවක් වනු ඇත.

විශේෂයෙන්ම මෙය මෙරට කාන්තාවන් සවිබල ගැන්වීමේ ප්‍රයත්නයෙහි වැදගත් ඉදිරි පියවරක් ලෙස සැලකිය හැකි වේ. මෙම ව්‍යාපෘතියට පිටුබලය සපයන ලද්දේ, මෙරට කාන්තාවන් සහ දරුවන් සඳහා සෞඛ්‍ය සේවාවන් සැපයීමේ ප්‍රමුඛයෙකු මෙන්ම විශේෂ කාණ්ඩ සඳහා ප්‍රතිකාර ලබාදෙන රෝහල් අතර විශාලතම රෝහල වන නයින්වෙල්ස් රෝහලයි.

නයින්වෙල්ස් රෝහල ලොව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව සහතික කිරීමේ ගෝලීය මට්ටමේ ප්‍රයත්නයක් වන UN Global Compact හි කාන්තා සමානාත්මතා වැඩසටහනේ සාමාජිකයෙකුද වේ.

t

o

p