කුණු සැමන් උසාවි නියමයෙන් වනසයි

October 9, 2023

මිනිස් පරිභෝජනයට නුසුදුසු රුපියල් එක්කොටි තිස්හත් ලක්ෂයක වටිනා සැමන් ටින් තොගයක් රජයේ රස පරීක්ෂක වාර්තා අනුව හා දඹුල්ල මහෙස්ත්‍රාත් උසාවි නියෝගය මත ඉනාමලුව කසළ අංගණයේ දී විනාශ කිරීමට කටයුතු කළේය.

පාරිභෝගික අධිකාරියට ලද පැමිණිල්ලක් අනුව 2023 ජනවාරි 3වන දින කරන ලද වැටලීමේ දී ගලේවෙල තලකිරියාගම ගබඩාවක සඟවා තිබියදී පරීක්ෂාවට ලක් කර සැක සහිත නිසා දඹුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

මෙහි ග්‍රැම්ස් 425හේ සැමන් ටින් දාහ අටදහාස් පන්සියක් තිබිණි. පාරිභෝගික අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් ප්‍රධානි මේනක කුමාර මහතා හා ආර්. එම්. ඒ. රත්නායක ඇතුළු පිරිසක් වැටලීමට සහාභාගී විය.

t

o

p