Foreign News

සිංගප්පූරුව කොවිඩ් පාලන සීමා ලිහිල් වෙයි

ලබන 13 වැනි දා සිට එක්සත් රාජධානිය ඇතුළු රටවල් කිහිපයක වෙසෙන කොවිඩ් මර්දන එන්නත ලබාගත් සංචාරකයන් රටට ඇතුළු කරගැනීමට සිංගප්පූරුව තීරණය කර තිබේ. ඒ අතර දැනට ක්‍රියාත්මක කොවිඩ් පාලන සීමා රැසක් ලිහිල් කෙරෙනු ඇත. සිංගප්පූරුවේ කොවිඩ් වෛරස ආසාදිතයන් 120,000 ඉක්මවා ඇතත් මරණ වාර්තාවී තිබෙන්නේ 153ක් වැනි ඉතා අඩු අගයකි. සිංගප්පූරුව දැනටමත් ජර්මනිය සහ බෘෘනායි යන Read More

පකිස්තානයේ භූ කම්පනයක්

පකිස්තානයේ භූ කම්පනයක් සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තාවල දැක්වෙන්නේ  පුද්ගලයින් 20ක් පමණ ඉන් ජීවිතක්ෂයට පත්වී ඇති බවය. පුද්ගලයින් 200කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඉන්දියාවේ සෑම කොවිඩ් මරණයකට ම වන්දියක්

කොවිඩ් -19 හේතුවෙන් සිදුවන සෑම මරණයකටම වන්දි වශයෙන් ඉන්දීය රුපියල් 50,000 ක් ගෙවීමට ඉන්දීය රජය ගත් තීරණයට එරට ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය හිමිව තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, ඉන්දීය ආපදා කළමනාකරණ නීතිය යටතේ වන්දි ඉල්ලා නීතිඥයින් ගොනු කළ පෙත්සමකට අදාළව මෙම අනුමැතිය හිමිව ඇති බවයි.

දකුණු අප්‍රිකාවෙන් නව කොවිඩ් ප්‍රභේදයක්

කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ති‌බේ. නව ප්‍රභේදය සොයාගෙන ඇත්තේ, දකුණු අප්‍රිකාවේ බෝවන රෝග පිළිබඳ ආයතනය හා එරට ක්වාසුලු නටාල් නැමැති පර්යේෂණ හා අනුක්‍රමික විද්‍යාව පිළිබද ආයතනය එක්ව කළ අධ්‍යනයකින් ය. එහි දැක්වුණේ නව ප්‍රභේදය පැතිරීම ඉතා වේගවත් හා එන්නත්වලට ප්‍රතිචාර දැක්වීම මන්දගාමී බවය. සී පොයින්ට් වන් පොයින්ට් ටූ (C.1.2) ලෙස නව ප්‍රභේදය Read More

තායිවානයෙන් අලුත් එන්නතක්

තායිවානය නිෂ්පාදනය කළ සිය පළමු කොවිඩ් මර්දන එන්නත භාවිතයට එක් කිරීමට පියවර ගෙන ඇත. එරට සෞඛ්‍ය අංශය විසින් කඩිනමින් අනුමැතිය දීම පිළිබඳ විවේචන එල්ල වෙමින් තිබෙන මොහොතක එම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට තායිවාන රජය තීරණය කර ඇත. මෙඩිජෙන් නමින් හැඳින්වෙන මේ එන්නත පසුගිය මාසයේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇතත් තවමත් එය පරීක්ෂණ Read More

ඩෙල්ටා ප්‍රභේදයෙන් චීනයටත් බලපෑම්

දෛනිකව ඩෙල්ටා ප්‍රභේදයේ රෝග ලක්ෂණ සහිත නව කොවිඩ් ආසාදිතයන් 140කට වඩා චීනයෙන් වාර්තා වන බව සීඑන්එන් පුවත් සේවය සඳහන් කළේය. පසුගිය ජූලි මාසයේ නැංජින් නුවර නැගෙනහිර පළාතෙන් හඳුනා ගත් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගියාගේ සිට මේ දක්වා ගත වූ කාලයේ චීනයේ තවත් නගර රැසකට ඩෙල්ටා ප්‍රභේදය ව්‍යාප්තවී ඇතැයි එහි වැඩි දුරටත් සඳහන් වේ.

ඇෆ්ඝනිස්ථාන සරණාගතයින් බ්‍රිතාන්‍යයට

ඇෆ්ඝනිස්ථානයේ බලය තලෙබාන් සංවිධානය අල්ලාගැනීම හේතුවෙන් පළායන ඇෆ්ගනිස්ථාන වැසියන් දහස් ගණනක පිරිසක් සඳහා රැකවරණය ලබාදීමට පියවර ගන්නා බව බ්‍රිතාන්‍ය පවසයි. ඊට අදාළ වැඩපිළිවෙල යටතේ ඉදිරි වසර කිහිපය තුළ ඇෆ්ගනිස්ථාන සරණාගතයින්  20,000ක පමණ පිරිසක් සඳහා බ්‍රිතාන්‍යයේ පදිංචිය ලබාදීමට පියවර ගන්නා බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යංශය පැවසීය.

තලේබාන් සටන්කාමීන් කාබුල් අගනුවරට

තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ ප්‍රධාන නගර ඇතුළු ප්‍රදේශ රැසක් අත්පත් කර ගනිමින් කාබුල් අගනුවරට ද ආසන්න වෙමින් සිටින පසුබිමකදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය අමතා තිබේ. ජනාධිපතිවරයා එලෙස ජාතිය අමතා ඇත්තේ, කාබුල් අගනුවරට කිලෝමීටර් 70 ක් පමණ දකුණු දෙසින් වන්නට පිහිටි ලොගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයත් තලේබාන් කැරලිකරුවන්ගේ ග්‍රහණයට ගැනීමෙන් පසුව ය. කාබුල් අගනුවරට එල්ල විය හැකි Read More

ජොන්සන්ට අනුමැතිය

තනි මාත්‍රාවකින් යුත් ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදුන් බවට ඉන්දීය සෞඛ්‍ය ඇමතිවරයා නිවේදනය කර තිබේ. ඉන්දියාව තුළ හදිසි භාවිතයට අනුමැතිය හිමිවූ පස්වැනි කොවිඩ් මර්දන එන්නත මෙය වේ. ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහනකට හිමිකම් කියන ඉන්දියාව දින 208 ක් තුළ කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියන 500ක් ලබාදී ඇති බව එරට වාර්තා Read More

එන්නත්කරණයෙන් ඩෙල්ටා ව්‍යාප්තිය පාලනය කල නොහැකි තත්වයක්

කොවිඩ් මර්දන එන්නත්කරණයෙන් ඩෙල්ටා වයිරසය ව්‍යාප්ත විම පාලනය කළ නොහැකි බව එංගලන්තයේ මහජන සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමය විසින් සිදුකරනු ලැබූ මූලික පරීක්ෂණයකදී අනාවරණය වී ඇතැයි රොයිටර් පුවත් සේවය වාර්තා කළේය. කොවිඩ් වයිරසයේ සෙසු ප්‍රභේදවලට වඩා ඩෙල්ටා ප්‍රභේදය එන්නත්කරණයට ලක් වූ පුද්ගලයන්ට වැලඳීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරන බව පසුගිය සතියේ අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථානය ද ප්‍රකාශ Read More

t

o

p