තලේබාන් සටන්කාමීන් ඇෆ්ගනිස්ථානයේ ප්රධාන නගර ඇතුළු ප්රදේශ රැසක් අත්පත් කර ගනිමින් කාබුල් අගනුවරට ද ආසන්න වෙමින් සිටින පසුබිමකදී ඇෆ්ගනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි ජාතිය අමතා තිබේ.
ජනාධිපතිවරයා එලෙස ජාතිය අමතා ඇත්තේ, කාබුල් අගනුවරට කිලෝමීටර් 70 ක් පමණ දකුණු දෙසින් වන්නට පිහිටි ලොගර් පළාතේ පුල්-ඊ-අලාම් නගරයත් තලේබාන් කැරලිකරුවන්ගේ ග්රහණයට ගැනීමෙන් පසුව ය.
කාබුල් අගනුවරට එල්ල විය හැකි ප්රහාරයක් සඳහා හැකියාව සහිත මෙම නගරය කැරලිකරුවන් සිය ග්රහණයට නතු කර ගෙන ඇත්තේ, එරට දෙවන සහ තෙවන විශාලතම නගර වන කන්දහාර් සහ හෙර්ට් ද අත්පත් කර ගැනීමෙන් දිනකට පසුවයි.