තායිවානයෙන් අලුත් එන්නතක්

August 25, 2021

තායිවානය නිෂ්පාදනය කළ සිය පළමු කොවිඩ් මර්දන එන්නත භාවිතයට එක් කිරීමට පියවර ගෙන ඇත.

එරට සෞඛ්‍ය අංශය විසින් කඩිනමින් අනුමැතිය දීම පිළිබඳ විවේචන එල්ල වෙමින් තිබෙන මොහොතක එම එන්නත හදිසි භාවිතය සඳහා යොදා ගැනීමට තායිවාන රජය තීරණය කර ඇත.

මෙඩිජෙන් නමින් හැඳින්වෙන මේ එන්නත පසුගිය මාසයේ හදිසි භාවිතය සඳහා අනුමත කර ඇතත් තවමත් එය පරීක්ෂණ මට්ටමේ පවතින බවටත්, එහි සායනික පරීක්ෂණ සම්පූර්ණ කර නැති බවටත් චෝදනා එල්ල වී ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කළේය.

t

o

p