Lanka News Page

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යනවා – ජනපති

රට නිවැරදි ආර්ථික ක්‍රමයක් ඔස්සේ ඉදිරියට ගෙන නොගියහොත් ලැබු ජයග්‍රහණ යළි ගිලිහී යන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, ගාල්ල කරන්දෙණිය ප්‍රදේශයේ ඉදිකළ කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි.මෙරට පළමු වතාවට කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කිරීමට 2023 අයවැයෙන් ජනාධිපති රනිල් Read More

කොම්පඤ්ඤවීදිය ගුවන් පාලම ජනපති අතින් ජනතා අයිතියට

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය මගින් රුපියල් මිලියන 5278 ක වියදමින් ඉදිකළ කොම්පඤ්ඤවීදිය හා විනිසුරු අක්බාර් මාවත අතර දුම්රිය මාර්ගයට ඉහළින් ඉදිකරන ලද ගුවන් පාලම් ව්‍යාපෘතියේ දෙවන අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් අද (11) විවෘත කෙරුණි. දෛනික දුම්රිය ගමන්වාර 109 ක් සඳහා දුම්රිය ගේට්ටු වසා තැබීම නිසා සිදුවන ප්‍රමාදය හා මාර්ග තදබදය මඟහරවා ගැනීම ඉලක්ක Read More

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිමත් වීම පිළිබඳව නවසීලන්ත කථානායකවරයාගේ ප්‍රශංසාව

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ නවසීලන්ත පාර්ලිමේන්තුවේ කථානායක ගෙරී බ්‍රවුන්ලී (Gerry Brownlee) මහතා අතර හමුවක් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි. දෙරට අතර දිගුකාලීන මිත්‍රත්වය පිළිබඳ ව මෙහිදී සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික ආර්ථික සහයෝගීතාව ඉහළ නංවන ලෙසත්, කොළඹ ක්‍රමය යටතේ වැඩිදුර සහය ලබාදෙන ලෙසත් ඉල්ලා සිටියේය. 1893 දී නවසීලන්තයට සහ 1931 දී ශ්‍රී Read More

පිලිපීනයේ රික්ටර් මාපක 7.1ක භූ කම්පනයක්

පිලිපීනයේ දරුණු භූ කම්පනයක් සිදු ව තිබේ. එම භූ කම්පනයේ අගය දැක්වෙන්නේ රික්ටර් මාපක 7.1ක් ලෙසයි. මෙම භූ කම්පනය පිලිපීනයේ මින්ඩනාඕ හි දී සිදු ව ඇතැයි එරට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද (11) උදෑසන මෙම භූ කම්පනය සිදු ව ඇත්තේ මින්ඩනාඕ ප්‍රාන්තයේ කිලෝමීටර් 630ක් දුරින් බවයි ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය (GFZ) පවසයි.

වර්ජනය මැද කාර්යාල දුම්රිය 35ක් ධාවනයට

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙහි දෙවන පර්යන්තයේ සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ජපානයේ ජයිකා ආයතනය එකඟ වී තිබේ. ගුවන්තොටුපොළ හා වරාය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළේ එම ව්‍යාපෘතිය සහන ණය ක්‍රමයක් යටතේ සිදු කිරීමට නියමිත බවයි.

පිළිකා රෝගීන් වෙනුවෙන් නවීන විකිරණ චිකිත්සක උපකරණ

පිළිකා රෝගීන් උදෙසා අධි බල විකිරණ ශක්තිය සහිත උසස් ගුණත්වයෙන් යුත් විකිරණ චිකිත්සක උපකරණ සැපයා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. පිළිකා සත්කාරක සේවා සඳහා යොදා ගනු ලබන රේඛීය ත්වරණකාරක යන්ත්‍ර 14ක් අදියර 2ක් යටතේ සැපයීම පිණිස එක්සත් රාජධානියේ ඉලෙක්ටා සමාගම සහ සෞඛ්‍ය අමාත්‍යාංශය අතර 2013 වර්ෂයේ දී ගිවිසුමකට එළඹ ඇත. ඒ අනුව එම ව්‍යාපෘතියේ Read More

අධ්‍යාපනය සෞඛ්‍ය සේවා කඩාකප්පල් කිරීම වළකන අලුත් නීතියක්

සෞඛ්‍ය අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට අදාළ වන සේවාවන් කඩ­ාකප්පල් කිරීම වැළැක්වීම සඳහා පොදු මහජනතාවගේ යහපත හා ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය වන නව නීතියක් සම්පාදනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අවධානය යොමු වූ බව කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අවධාරණය කරයි. එසේ කිරීමට හේතු වන්නේ අසාධාරණ ඉල්ලීම් සිදු කරමින් වැඩවර්ජන ඇතුළු කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදු Read More

වර්ජන මැද ගුරු හිමිවරු සාමණේර හිමිවරුන්ට උගන්වති

විධායක සේවයේ ශ්‍රේණි සඳහා රජය විසින් දීමට එකඟ වී ඇති රු. 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට ද දෙන ලෙස ඉල්ලා ගුරුවරුන් ඇතුළු රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති 300කට අධික සේවකයන් ඊයේ (09) අසනීප නිවාඩු වාර්තා කර සේවයෙන් ඉවත්ව සිටි අතරතුර බණ්ඩාරගම සිරි පේමරතන පිරිවෙනේ ගුරු හිමිවරුන් සාමණේර හිමිවරුන් හට ඉගැන්වීම් කටයුතු සාමාන්‍ය පරිදි Read More

දකුණු ආසියාතික රටවල් සමග සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමේ චීනයේ සැලසුම

දකුණු ආසියාතික රටවල් සමඟ චීනයේ ආර්ථික හා වෙළෙඳ සබඳතා නව මට්ටමකට ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ගැනීම මීළඟ පියවර බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි. චීන වාණිජ නියෝජ්‍ය අමාත්‍ය Li Fei මහතා පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ, දකුණු ආසියාතික රටවල් සමග සංවර්ධන උපායමාර්ගයන් ශක්තිමත් කරන බවයි. මේ අනුව ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම, Read More

කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව ජනතා අයිතියට

කුරුඳු වගාව සම්බන්ධයෙන් කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව නමින් නව දෙපාර්තමේන්තුවක් ස්ථාපිත කරමින් එහි කාර්යාල ගොඩනැඟිල්ල ගාල්ල කරන්දෙණියේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) විවෘත කිරීමට නියමිතය. මේ දෙපාර්තමේන්තුව් ප්‍රධාන කාර්යාලය මෙහි ස්ථාපිත කරනු ලබන අතර, කුරුඳු නිෂ්පාදනය පිළිබඳ සකස් කරනු ලැබූ දස අවුරුදු සැලැස්මද මෙහිදී ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කෙරේ. කුරුඳු වගාව සහ නිෂ්පාදනය සම්බන්ධ Read More

t

o

p