දකුණු ආසියාතික රටවල් සමග සහයෝගීතා ප්‍රවර්ධනය කිරීමේ චීනයේ සැලසුම

July 10, 2024

දකුණු ආසියාතික රටවල් සමඟ චීනයේ ආර්ථික හා වෙළෙඳ සබඳතා නව මට්ටමකට ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවිධ ක්‍රියාමාර්ග ගැනීම මීළඟ පියවර බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

චීන වාණිජ නියෝජ්‍ය අමාත්‍ය Li Fei මහතා පැවති මාධ්‍ය හමුවක දී පැවසුවේ, දකුණු ආසියාතික රටවල් සමග සංවර්ධන උපායමාර්ගයන් ශක්තිමත් කරන බවයි. මේ අනුව ආර්ථික හා වෙළඳ ප්‍රතිපත්ති සම්බන්ධීකරණය ශක්තිමත් කිරීම මෙන්ම, වෙළඳ හා ආයෝජන ලිහිල්කරණය කිරිමට ද චීනය අපේක්ෂා කරයි.

ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ BRICS සහයෝගිතා යාන්ත්‍රණය වැනි බහුපාර්ශ්වික රාමු යටතේ දකුණු ආසියාතික රටවල් සමග සහයෝගීතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව මෙන්ම ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ නීති ඒකාබද්ධව ආරක්ෂා කළ යුතු බව ද Li Fei මහතා එහිදී සඳහන් කරයි.

t

o

p