Lanka News Page

IMF තෙවැනි වාරිකය ලබන වසරේ මුල් කාර්තුවේදී ලැබේවි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට දෙන විස්තීර්ණ අරමුදල් පහසුකමේ තෙවැනි වාරිකය ලබන වසරේ (2025) මුල් කාර්තුවේදී ලැබීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේ ය. තෙවැනි වාරිකය දීමට අදාළව ජනාධිපතිවරණයෙන් පසුව සමාලෝචනය කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ පැවැසීය. කෙසේ නමුත් තෙවැනි වාරිකය ලැබීමට නියමිත කාලය ප්‍රකාශ කිරීමට සිදුවන්නේ එම සමාලෝචනයෙන් අනතුරුව බවද Read More

ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි ලිහිල් කිරීමට පියවර

ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි. මහනුවර දිස්ත්‍රික් වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවයි. මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කර Read More

විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගය වසර අවසානයට පෙර

විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඊට හේතුව ලෙස එම අමාත්‍යාංශය දක්වා ඇත්තේ, විදුහල්පති සේවයේ විශාල පිරිසක් එම ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය අසමත් වීමත් විදුහල්පති සේවයේ වෘත්තිය සංගම්වල දැඩි ඉල්ලීමත් හේතුවෙන්. ඉංග්‍රීසි භාෂාවට අමතරව උසස්වීම් ලබාගැනීම සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය ද සමත් වීම Read More

බංග්ලාදේශය යළිත් නොසන්සුන් වෙයි

සති කිහිපයක සිට බංග්ලාදේශයේ පැවති නොසන්සුන් තත්ත්වය පහව ගොස් ඇතැයි පෙනී ගියත් අද (10) ශිෂ්‍ය ක්‍රියාකාරීන් ප්‍රමුඛ කරගත විරෝධතාකරුවන් එරට ශ්‍රේෂ්ඨාධිකරණය වටලා විරෝධතාවේ නිරත වී තිබුණි. ඒ අනුව, එරට අගවිනිසුරුවරයා අද (10) සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට පියවර ගත්තේ, පැයක් ඇතුළත අගවිනිසුරු ඇතුළු සියලු විනිසුරුවරුන් ධුරවලින් ඉල්ලා අස්විය යුතු බවට විරෝධතාකරුවන්ගෙන් එල්ල වූ දැඩි පීඩනය හමුවේය. Read More

බිඳ වැටුණු රටක් වසර දෙකක් තුළ ගොඩගත් එකම රට ලංකාවයි

රටක බිද වැටුනු ආර්ථිකයක් වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ස්ථාවර මට්ටමකට ගෙන ආවේ නම් එය සිදු වූයේ ශ්‍රී ලංකාවේ පමණක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ධීවර ජනතාව නගා සිටුවීම මෙන්ම කෘෂි නවීකරණ වැඩසටහන ද ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා කියා සිටියි. දියවර දිරිය ජාතික ධීව සම්මේලනය අමතමින් ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා Read More

ගුවන් යානා අනතුරකින් ගමන් ගත් මගින් සියල්ල ජීවිතක්ෂයට

බ්‍රසීලයේ සාවෝපාවුලෝ ප්‍රදේශයේ ගුවන්‍ යානා අනතුරකින් එම යානයේ සිටි සියලුදෙනාම ජීවිතක්ෂයට පත්ව තිබේ. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේ එහි කාර්‍ය මණ්ඩලයේ සිව් දෙනෙක් සහ මගීන් 57 දෙනෙක් සිටි බවයි. එම යානය ජනාකීර්ණ ප්‍රදේශයකට කඩාවැටී තිබුණද ඉන් භූමියේ සිටි කිසිවෙකුටත් හානියක් වී නොතිබුණි.

ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක්

මහනුවර ඇසළ පෙරහැර වෙනුවෙන් විශේෂ බස් රථ සේවාවක් යෙදවීමට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය තීරණය කර තිබේ. එම මණ්ඩලය සඳහන් කළේ, විශේෂ බස් රථ සේවාව ලබන මස 14 වනදා සිට 19 වනදා දක්වා ක්‍රියාත්මක බවයි. එම සේවාව දිවා – රාත්‍රී සේවා ලෙස මහනුවර දිස්ත්‍රික්කය ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව දිස්ත්‍රික්ක පුරා Read More

පළමු කුඹල් පෙරහැර අද රාත්‍රියේ

සෙංකඩගල ඇසළ පෙරහැර මංගල්‍යෙය් පළමු කුඹල් පෙරහැර අද (10) රාත්‍රී විදි සංචාරය කිරීමට නියමිතයි. නාථ, විෂ්ණු, පත්තිනි සහ කතරගම යන සිව් මහා දේවාල පෙරහැර පෙරටුව ඇසළ පෙරහැර පස්වරු 06 පසුවී මිනිත්තු 06ට යෙදෙන සුබ මොහාතින් පෙරහැර ගමනට එක්වේ. දළදා වීදිය, ඩී.එස්.සේනානායක වීදිය, පන්සල පාර ඔස්සේ ඉහළට පැමිණෙන පෙරහැර දේව වීදිය, කොළඹ වීදිය, යටිනුවර වීදිය, රජ Read More

රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට දැන්වීය. එම පනත් කෙටුම්පත 2024 මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වනදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත Read More

මාධ්‍ය උපමාන සමාජ මාධ්‍යයන්ට ද අදාළයි – නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්

මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කරන ලද මාධ්‍ය උපමාන සමාජ මාධ්‍ය සඳහාද අදාළ වන බවත් මැතිවරණ කාල සීමාව තුළ මෙම උපමානවලට අනුව සමාජ මාධ්‍ය කටයුතු කළ යුතු බවත් ඉදිරියේදී මාධ්‍ය ආචාර ධර්ම ගැසට් පත්‍රයක් නිකුත් කිරීමට කටයුතු කරන බවත් මැතිවරණ නියොජ්‍ය කොමසාරිස් පියුමි ආටිගල මෙනවිය පවසයි. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (9) පැවති ජනාධිපතිවරණය පිළිබඳ මැතිවරණ කොමිසමේ Read More

t

o

p