විදුහල්පති සේවයට බඳවා ගැනීමේ විභාගය වසර අවසානයට පෙර

August 11, 2024

විදුහල්පති සේවයේ උසස්වීම් ලබාගැනීම සඳහා මෙතෙක් පැවති ඉංග්‍රීසි භාෂාව ප්‍රශ්න පත්‍රය ඉවත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඊට හේතුව ලෙස එම අමාත්‍යාංශය දක්වා ඇත්තේ, විදුහල්පති සේවයේ විශාල පිරිසක් එම ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රය අසමත් වීමත් විදුහල්පති සේවයේ වෘත්තිය සංගම්වල දැඩි ඉල්ලීමත් හේතුවෙන්.

ඉංග්‍රීසි භාෂාවට අමතරව උසස්වීම් ලබාගැනීම සඳහා කාර්යක්ෂමතා කඩඉම් විභාගය ද සමත් වීම අනිවාර්ය වූ අතර, නව තීරණයට අනුව කාර්යක්ෂමතා කඩඉම් විභාගය සමග සරල ඉංග්‍රීසි භාෂා ප්‍රශ්න පත්‍රයක් සකස් කිරීමට නියමිත ව තිබේ.

මේ අතර විදුහල්පති සේවයට බඳවා ගැනීමේදී හා උසස්වීම්වලට අදාළව මෙතෙක් පැවති සිංහල හා දෙමළ මාධ්‍ය විභාගවලට අමතරව ඉංග්‍රීසි මාධ්‍යයෙන්ද විභාග පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

t

o

p