ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි ලිහිල් කිරීමට පියවර

August 11, 2024

ව්‍යාපාර සදහා බලපා ඇති නීති රෙගුලාසි රැසක් ලිහිල් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

මහනුවර දිස්ත්‍රික් වෙළද සංගම් නියෝජිතයින් සමග පැවති හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා ජනාධිපතිවරයා පැවසුවේ ව්‍යාපාරිකයින්ගේ කටයුතු පහසු කර ගැනීම වෙනුවෙන් නව ආයතන පද්ධතියක් ඇති කිරීමට ද සැලසුම් කර ඇති බවයි.

මහනුවර නගර සංවර්ධන සැලැස්ම ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කර ඇති බව ද ජනාධිපතිවරයා මෙහිදී පැවසීය. මධ්‍යම පළාත සංචාරක ව්‍යාපාරයේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් බවට පත්කළ යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදි අදහස් දක්වමින් පැවසීය.

t

o

p