රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත බලාත්මක කෙරේ

August 9, 2024

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාව අනුව, තමා විසින් 2024 අගෝස්තු 08 දින “රාජ්‍ය මූල්‍ය කළමනාකරණ” නමැති පනත් කෙටුම්පතෙහි සහතිකය සටහන් කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (09) පාර්ලිමේන්තුවට දැන්වීය.

එම පනත් කෙටුම්පත 2024 මැයි 22 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය පසුගිය ජූලි 25 වනදා ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

t

o

p