Lanka News Page

පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ කටයුතු වෙනස් වෙයිද?

ඩින්බරෝ ආදිපාද පිලිප් කුමරුගේ අභාවය වෙනුවෙන් ආචාර්ය වෙඩි මුර පිරිනැමීම සිදු විය. එක්සත් රාජධානියට අදාළ මුහුදු සීමාවන්හිද යුධ නැව්වලින් ආචාර වෙඩි මුර පිරි නැමුණි. කුමරුගේ කැමැත්ත වී ඇත්තේ, රාජ්‍ය අවමංගල්‍ය උත්සවයක් නොපැවැත්විය යුතු බවටයි. පිලිප් කුමරුගේ දේහය පිළිබද අවසන් කටයුතු සිදු කෙරෙන දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නොමැති අතර එය ඉදිරි දින කිහිපය තුළ සිදු Read More

කොමර්ෂල් බැංකුවට සම්මාන

‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන සම්මාන ලබයි ආසියාවේ බැංකු සහ ප‍්‍රාග්ධන වෙළඳපොළ කර්මාන්තවල හඬ ලෙසින් සැලකෙන කීර්තිමත් ‘ඒෂියාමනි’ සඟරාව මගින් පිරිනමන ‘හොඳම සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය බැංකුව’ සහ ‘ආයතනික සමාජ සත්කාර සඳහා හොඳම බැංකුව’ යන ගෞරවණීය ජාත්‍යන්තර සම්මාන යුගලය පිට පිටම දෙවන වසර සඳහාත් Read More

කිම් ජොන්ගෙන් අනතුරු ඇඟවීමක්

දැඩි අර්බුදකාරී තත්වයකට මුහුණ දීම සදහා සූදානම්වන ලෙස උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට වැසියන්ගෙන් අනතුරු අඟවයි. සිය පක්ෂ සම්මන්ත්‍රණයේදී ඔහු මේ බව ප්‍රකාශකර ඇත්තේ මානව හිමිකම් කණ්ඩායම් විසින් උතුරු කොරියාව ආර්ථික අස්ථාවරත්වයකට සහ  දැඩි ආහාර හිගයකට ලක්විය හැකි බවට අනතුරු ඇඟවීම හේතුවෙන් බව වාර්තා වේ.

සඳුදා රජයේ නිවාඩු දිනයක්

එළඹෙන අප්‍රේල් 12වන සඳුදා රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඊයේ(09) පස්වරුවේ මේ බව නිවේදනය කළේය.

මෙරට කොවිඩ් මරණ 595 දක්වා ඉහළට

ශ්‍රී ලංකාවෙන් ඊයේ(09) තවත් කොවිඩ් මරණ දෙකක් වාර්තා වී තිබේ. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 595ක් දක්වා දක්වා වර්ධනය වී තිබේ. කොවිඩ් 19 වෛරසය ආසාදිත රෝගීන් 112දෙනෙකු ඊයේ(09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි. මේ අනුව මෙරට වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් ගණන 94,448ක් බවට පත්ව Read More

බීමත් රියදුරන් ඇල්ලීමට මෙහෙයුමක්

බීමත්ව රිය පදවන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අද (10) සිට විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්ම කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති, අජිත් රෝහණ මහතා පවසයි.   උත්සව සමයේ සිදුවිය හැකි රිය අනතුරු ඉහළ යාම හා කොවිඩ් පැතිරීම පාලනයට අද සිට මෙම විශේෂ පොලිස් මෙහෙයුම ආරම්භ කර ඇත. 

රෙදි පිළි ආනයනය තහනම ව්‍යාජ ප්‍රවෘත්තියක් !- අමාත්‍ය දයාසිරි ජයසේකර පවසයි.

මේ දිනවල ජනමාධ්‍ය මගින්  ප්‍රචාරයක් ගෙන යන  රෙදිපිළි ආනයනය තහනම් කිරීම  සම්පූර්ණ ව්‍යාජ ප්‍රවෘත්තියක් බව අද පාර්ලිමේන්තුවේ දී  බතික් හා පේෂකර්මාන්ත  අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය. තමන් පැවසූයේ,  ආනයනික මුද්‍රිත බතික් රෙදිපිළි ආනයනය තහනම් කිරීම සම්බන්ධයෙන්  පමණක් බව අමාත්‍යවරයා අද පාර්ලිමේන්තුවේදී  වාචික පිළිතුරු වටයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු හේෂා විතානගේ මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සදහන් Read More

එළවළු හා පලතුරු අස්වනු හානියෙන් මෙරට ආර්ථිකයට වාර්ෂිකව සිදුවන අලාභය රුපියල් බිලියන 20ක්

ජාතික විගණන කාර්යාලය 2015 දී සිදු කළ විගණනයකට අනුව වාර්ෂිකව එළවළු හා පලතුරු මෙට්‍රික් ටොන් 270,000 පමණ අපතේ යන බවත් එයින් මෙරට ආර්ථිකයට සිදුව ඇති අලාභය රුපියල් බිලියන 20ක් පමණ වන බවත් පසුගියදා පාර්ලිමේන්තුවේදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය තිස්ස විතාරණ මහතාගේ සභාපතිත්වයෙන් පැවති රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී  අනාවරණය  විය. එම වාර්තාවේ නිරීක්ෂණ අනුව, ශ්‍රී Read More

උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මාසයට දින නියමේ

අ.පො.ස. උසස් පෙළ විභාගය 2021 වර්ෂයේ අගෝස්තු මස නොපවත්වා මේ වසරේ ම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.   අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක දී ය. එසේම 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව Read More

අජිත් මාන්නප්පෙරුම අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රීවරයෙකු ලෙස අජිත් කුමාර මාන්නප්පෙරුම මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (09) සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. අනතුරුව හෙතෙම, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 05 ප්‍රකාරව පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ඉදිරියේ මන්ත්‍රී නාම ලේඛනයේ අත්සන් තැබීය. රංජන් රාමනායක මහතාගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමඟ ඇති වූ පුරප්පාඩූව සඳහා මාන්නප්පෙරුම මහතා Read More

t

o

p