උසස් පෙළ විභාගය ඔක්තෝම්බර් මාසයට දින නියමේ

April 9, 2021

අ.පො.ස. උසස් පෙළ විභාගය 2021 වර්ෂයේ අගෝස්තු මස නොපවත්වා මේ වසරේ ම ඔක්තෝම්බර් 04 වන දින සිට ඔක්තෝම්බර් 30 වන දින දක්වා පැවැත්වීමට කටයුතු යොදා ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
 
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශයේ දී අද (09) පැවති මාධ්‍ය හමුවක දී ය.

එසේම 05 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඔක්තෝම්බර් මස 03වන ඉරිදා දිනත් 2021 වසරට අදාළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2022 ජනවාරි අවසාන සතියේ ආරම්භ කිරීමටත් සැලසුම්කර ඇතැයි අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පාසල් විෂයමාලා නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීමට අසීරු වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව ද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

t

o

p