Lanka News Page

ගල් අගුරු බලාගාරත් අර්බුදයක

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අගුරු විදුලිබලාගාර පවත්වාගෙන යාම ද ගැටළු සහගත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. ගල් අගුරු ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ද කිසිවෙකු ඉදිරිපත් නොවන බවයි එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු සඳහන් කළේ. ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායම් අඩුවීම හේතුවෙන් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ද මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් Read More

ධනුෂ්ක, කුසල් සහ නිරෝෂන් ගේ දඬුවම ඉවතට

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කෙරෙනු ඇත. අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන්ව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්කර ගැනීමට Read More

ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු ගේ අවසන් කටයුතු අද

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා මේ වන විට කොළඹ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබේ. ඒ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (09) පස්වරුවේ බොරැල්ල කනත්තේදී  සිදුකිරීමට නියමිතය.  ප්‍රවීණ රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා ඊයේ (08) අභාවප්‍රාප්ත විය.

මහ බැංකුවේ රන් සංචිතය අඩුවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල සංචිත වත්කම් තුළ අන්තර්ගත වන රන් සංචිතයේ වටිනාකම පසුගිය 2021 දෙසැම්බර් මාසය තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 206.8 කින් පහළ ගොස් තිබේ. 2021 නොවැම්බර් අවසානයේ දී රන් සංචිතයේ වටිනාකම ඩොලර් මිලියන 382.2 ක් ලෙසින් සටහන්ව ඇති අතර එය 2021 දෙසැම්බර් මාසය අවසානයේ දී ඩොලර් මිලියන 175.4 ක් දක්වා ඒ Read More

කලහකාරීන්ට වෙඩිතබන ලෙස නියෝගයක්

කලහකාරී ලෙස හැසිරෙන උද්ඝෝෂකයින් ට “අනතුරු ඇඟවීමකින් තොරව” වෙඩිතබන ලෙස කසක්ස්තාන ජනාධිපතිවරයා විසින් නියෝග කර තිබේ. රජයට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණ පාලනය සඳහා ඔහු එම නියෝගය නිකුත්කර ඇතැයි විදෙස් මාධ්‍ය පැවසීය. ජනාධිපති කසීම්-ජොමාර්ට් ටෝකයෙව් පැවසුවේ “කලහකාරීන්” 20,000ක් පමණ එරට ප්‍රධාන නගරය අල්මාටි නගරයට ප්‍රහාරයක් එල්ලකළ බවය.

කොළඹ ප්‍රදේශ කිහිපයක අද ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද (08) දිනයේ පැය 16ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. පෙරවරු 08.00 සිට මධ්‍යම රාත්‍රිය දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. කොළඹ, දෙහිවල, ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහ නගර සභා බල ප්‍රදේශවලටත්, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා Read More

ඉදිරියේදී පාන් හිඟයකුත්

ඉදිරියේදී රට තුළ පාන් හිගයක්ද ඇති විය හැකි බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා. එහි සභාපති එන් කේ ජයවර්ධන අද පැවති මාධ්‍ය හමුවකදී සදහන් කළේ පවතින තිරිගු පිටි හිගය හේතුවෙන් මෙම තත්ත්වය ඇති විය හැකි බවයි. මේ අතර සහල්, සීනි, පරිප්පු, අර්තාපල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1,500 කට ආසන්න ප්‍රමාණයක් ඩොලර් ගෙවාගත Read More

ලංකා විදුලිබල මණ්ඩලයෙන් ඉල්ලීමක්

පවතින විදුලි අර්බුදය හමුවේ රාත්‍රී ආහාරවේල සවස 06 ට පෙර පිළියෙල කර ගන්නැයි විදුලි උදුන් භාවිතකර ආහාර පිළියෙල කරන විදුලි පාරිභෝගිකයින්ගෙන් ලංකා විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කරනවා. එම මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී එම් ආර් රණතුංග පැවසුවේ එලෙස ක්‍රියාකිරීමෙන් විදුලිය විසන්ධි වීම අවම කර ගත හැකි බවයි.

උතුරු කොරියාවෙන් මිසයිලයක්

උතුරු කොරියාව විසින් බැලස්ටික් මිසයිලයක් එල්ලකර ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. එරට නැගෙනහිර වෙරළ ආසන්නයෙන් එම මිසයිලය එල්ලකර ඇති අතර එය සිදුකර දකුණු කොරියානු නායකයා අලුත් දුම්රිය මාර්ගයකට මුල්ගල තබන අවස්ථාවේ වීම විශේෂත්වයකි.

ජනමාධ්‍ය කෙෂ්ත්‍රයේ අලුත් පිම්මක්

අද දින රජයේ නව මාධ්‍ය ඒකකය විවෘත කිරීම, ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම අවස්ථාවට සර්ව ආගමික නායකයින් ඇතුලු විශාල පිරිසක් එක්විය.

t

o

p