ගල් අගුරු බලාගාරත් අර්බුදයක

January 9, 2022

පවතින ඩොලර් අර්බුදය හේතුවෙන් ගල්අගුරු විදුලිබලාගාර පවත්වාගෙන යාම ද ගැටළු සහගත වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ගල් අගුරු ගෙන්වීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී ඒ සඳහා ද කිසිවෙකු ඉදිරිපත් නොවන බවයි එහි සභාපති එම් එම් සී ෆර්ඩිනෑන්ඩු සඳහන් කළේ.

ලංකා විදුලිබල මණ්ඩලයට ලැබෙන ආදායම් අඩුවීම හේතුවෙන් ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාවට ද මුදල් ගෙවා ගැනීමට නොහැකි තත්ත්වයක් මේවනවිට උදාවී තිබෙනවා.

මේ හේතුවෙන් තවදුරටත් ණය මුදලට ඉන්ධන ලබාදිය නොහැකි බවයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කළේ

t

o

p