ධනුෂ්ක, කුසල් සහ නිරෝෂන් ගේ දඬුවම ඉවතට

January 9, 2022

කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල සහ ධනුෂ්ක ගුණතිලක ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වෙයි.

ඒ අනුව එම ක්‍රීඩකයින්ට වසරක කාලයක් සඳහා පනවා තිබූ ජාත්‍යන්තර ක්‍රිකට් තරග තහනම ඉවත් කෙරෙනු ඇත.

අවශ්‍ය යෝග්‍යතා ප්‍රමිතීන් සපුරාලීම්වලට යටත්ව ඔවුන්ව එළඹෙන සිම්බාබ්වේ තරග සංචාරය සඳහා එක්කර ගැනීමට ද නියමිත බව වැඩිදුරටත් වාර්තා විය. 

t

o

p