Lanka News Page

සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 2021 වසරේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පැවැති ගෝලීය සෞඛ්‍ය අර්බුදකාරී වාතාවරණයේදී පවා (2021 දෙවැනි කාර්තුවේදී) දළ රක්ෂණ වාරික ආදායම් වාරික රු. මිලියන 719.9 ක් වාර්තා කරමින් 235.1% වාර්ෂික දළ වර්ධනයක් පෙන්වීය. එසේම 2020 දී රු. මිලියන 2307.3ක් ව තිබූ සමාගමේ සමස්ථ වත්කම් ප‍්‍රමාණය 2021දී රු. මිලියන 2673.8ක් දක්වා වර්ධනය විය. Read More

තෙවන එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදීම හෙට සිට ආරම්භ වනවා. මෙරට පුරවැසියන්ට තෙවන මාත්‍රාව ලබා දීමේ ප්‍රථම අදියර එය වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ. එම වැඩසටහන යටතේ සෞඛ්‍ය, ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද අමාත්‍යවරයා Read More

OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකතන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුතු මේ දුරකතන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළෙඳපොළට පැමිණේ. “OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරිත්වය මැනවින් එක්තැන් කරන දුරකතන මාදිලියක්. එහි නිමාව ඉතා ආකර්ෂණීය වන අතරම, Read More

අන්තර් පළාත් සංචරණ සීමා ඉවතට

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අද (31)අලුයම 4.00ට අවසන් කෙරුණි. අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ පසුගිය සිකුරාදා (29) කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය. නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා Read More

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පාසල් ආරම්භ වෙයි

සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සිසුන් සඳහා පාසල් ආරම්භ කිරීමට මෙන්ම උපකාරක පංති ආරම්භ කිරීමටද අනුමැතිය ලබා දුන් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ. දිවයිනේ සියලුම පාසල්වල 10, 11, 12 සහ 13 ශ්‍රේණිවල අධ්‍යයන කටයුතු නොවැම්බර් 08වනදා සිට යළි ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. සෞඛ්‍ය නිර්දේශ ලද වහාම 06 ශ්‍රේණියේ සිට 09 ශ්‍රේණිය Read More

සුඩාන හමුදා පාලකයින්ට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කරයි

විරෝධතාවයේ නිරත 7 දෙනෙකු හමුදා වෙඩි ප්‍රහාරවලින් මිය ගියේ ය. තුවාල ලැබූ සංඛ්‍යාව, 140 කට අධිකයි. ජෙනරල් අබ්දෙල් ෆටා ප්‍රමුඛ හමුදාව, සුඩාන අග්‍රාමාත්‍ය අබ්දල්ලා හම්ඩොක් ඇතුළු පවුලේ සාමාජිකයින් මෙන්ම රජයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් නිවාස අඩස්සියට ගැනීමෙන් අනතුරුව සිවිල් පාලනය විසුරුවා හරින බව ප්‍රකාශ කළ හමුදාව, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළේ ය. සුඩානයේ Read More

ඊයේ පැවති තරඟවලින් දකුණු අප්‍රිකාවට හා පාකිස්තානයට ජය

මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟයේ ඊයේ (26) පැවති තරඟ දෙකෙන් ජය ගැනීමට දකුණු අප්‍රිකාව හා පාකිස්තාන කණ්ඩායම සමත් වුණා. දකුණු අප්‍රිකා කණ්ඩායම හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තරඟයෙන් කඩුලු 8ක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුණා. තරගයේ කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකාව පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර පිටියට පිවිසි කොදෙව්වන් පන්දුවාර Read More

දවස් දෙකක් අඳුරේ ඉන්න වෙයි – වෘත්තීය සමිති අනතුරු අඟවයි

”ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ” යනුවෙන් විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කරන බව එහි කැඳවුම්කරු රන්ජන් Read More

ආනයන තහනම අස්සේ ගෙන්වූ වාහන 400 රාජසන්තක වෙයිද?

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන 400කට ආසන ප්‍රමාණයක් රාජසන්තක කරනවාද නැද්ද? යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ. පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇණවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට Read More

t

o

p