තෙවන එන්නත් මාත්‍රාව ලබාදීම හෙට සිට

October 31, 2021

සෞඛ්‍ය කාර්ය මණ්ඩල ඇතුළු ඉදිරි පෙළ වෘත්තිකයින්ට කොරෝනා මර්දන එන්නතේ 03 වන මාත්‍රාව ලබාදීම හෙට සිට ආරම්භ වනවා.

මෙරට පුරවැසියන්ට තෙවන මාත්‍රාව ලබා දීමේ ප්‍රථම අදියර එය වන බවයි සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.

එම වැඩසටහන යටතේ සෞඛ්‍ය, ආරක්ෂක හා සංචාරක ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ඇතුළු ඉදිරි පෙළ පිරිස් සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන බවද අමාත්‍යවරයා සඳහන් කළා.

එම වැඩපිළිවෙළෙ ආරම්භ කිරීම සඳහා මිලියනයක එන්නත් තොගයක් මෙරටට ලැබී තිබෙනවා.

සෑම සතියකම ලක්ෂ 04ක එන්නත් ප්‍රමාණයක් මෙරටට හිමිවීමට නියමිත බවද සෞඛ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

t

o

p