OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

October 31, 2021

OPPO සමාගම තවත් නවතම ස්මාර්ට් දුරකතන මාදිලියක් වන OPPO A16 ශ්‍රී ලංකාවට හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේය. විශේෂාංග රැසකින් සහ අලංකාර නිමාවකින් යුතු මේ දුරකතන මාදිලිය ආකර්ෂණීය 6.52-inch Eye Care Display සහ විශාල 5000mAh බැටරියක් සමගින් වෙළෙඳපොළට පැමිණේ.

“OPPO A16 යනු අලංකාරය හා ක්‍රියාකාරිත්වය මැනවින් එක්තැන් කරන දුරකතන මාදිලියක්. එහි නිමාව ඉතා ආකර්ෂණීය වන අතරම, ඉහළම තලයේ ත්‍රිත්ව කැමරා පද්ධතියකින්ද සමන්විතයි. විශාල 5000mAh බැටරියට මේ කාණ්ඩයේ දුරකතනයකට එක්වන අතිරේක වටිනාකමක් ලෙසත් හැඳින්වීමට පුළුවන්. මේ විශාල බැටරිය නිසා වැඩි කාලයක් රිසි සේ දුරකතනය භාවිත කිරීමට අවස්ථාව ලැබෙනවා.” Xinda Lanka (OPPO Sri Lanka) ප්‍රධාන විධායක නිලධාරි බොබ් ලී මහතා පැවැසීය.

දිග සහ පළල පිළිවෙළින් මිලිමීටර් 163.8ක් සහ මිලිමීටර් 75.6ක් වන OPPO A16 මාදිලිය මිලිමීටර් 8.4ක ඝනත්වයකින් සහ ග්‍රෑම් 190ක බරකින් යුක්ත වේ. ඉතා සිහින් නිමාවකින් යුත් එහි ඇලුමිනියම් කවරය උෂ්ණත්වය ඉක්මනින් බැහැර කිරීමට සමත්ය. ‘Crystal Black’ සහ ‘Pearl Blue’ යන වර්ණ දෙකෙන් OPPO A16 මිල දී ගත හැකි වේ.

සුපැහැදිලි දර්ශන ලබා දෙන LCD liquid crystal තිරය, දීප්තිය ස්වයංක්‍රීයව අඩු වැඩි වන පරිදි සැලසුම් කර ඇත. Screen ratio මට්ටම 88.70% සහ1600 x 720 (HD+) වන අතර, AI Smart Backlighting තාක්ෂණය, දුරකතන භාවිත කරන්නාට වඩාත් හොඳින් ගැළපෙන ආකාරයේ smart backlight අත්දැකීමක් දෙයි.

t

o

p