අන්තර් පළාත් සංචරණ සීමා ඉවතට

October 31, 2021

පළාත් අතර දැනට ක්‍රියාත්මක සංචරණ සීමා අද (31)අලුයම 4.00ට අවසන් කෙරුණි.

අන්තර් පළාත් සංචරණ සීමා අද අළුයම 4න් පසුව ඉවත් කිරීමට තීරණය කෙරුණේ පසුගිය සිකුරාදා (29) කොවිඩ් මර්දන කමිටුව සමග වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවති සාකච්ඡාවේදීය.

නව සාමාන්‍යකරණය යටතේ ජන ජීවිතය අඩාල නොවී පවත්වාගෙන යාම අරමුණු කර ගනිමින් එම තීරණයට එළැඹී බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

කෙසේවෙතත් පළාත් අතර ක්‍රියාත්මක පොදු ප්‍රවාහන සේවා ආසනගත මගීන් සඳහා පමණක් ක්‍රියාත්මක විය යුතු බව නව සෞඛ්‍ය මාර්ගෝපදේශවල දැක්වේ.

t

o

p