සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් 2021 වසරේ දෙවැනි කාර්තුවේදී ශක්තිමත් වර්ධනයක් වාර්තා කරයි

November 2, 2021

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ක්ෂුද්‍ර රක්ෂණ සමාගමක් වන සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම පැවැති ගෝලීය සෞඛ්‍ය අර්බුදකාරී වාතාවරණයේදී පවා (2021 දෙවැනි කාර්තුවේදී) දළ රක්ෂණ වාරික ආදායම් වාරික රු. මිලියන 719.9 ක් වාර්තා කරමින් 235.1% වාර්ෂික දළ වර්ධනයක් පෙන්වීය. එසේම 2020 දී රු. මිලියන 2307.3ක් ව තිබූ සමාගමේ සමස්ථ වත්කම් ප‍්‍රමාණය 2021දී රු. මිලියන 2673.8ක් දක්වා වර්ධනය විය. රු. මිලියන 256.6ක මෙහෙයුම් අතිරික්තයක් දෙවන කාර්තුවේදී ජීවිත රක්ෂණ අරමුදලට බැර කරන ලදී.

වසංගතය ආරම්භයේ සිටම ව්‍යාපාරය සම්බන්ධ පාර්ශවයන් වෙනුවෙන් තම වගකීම් මැනවින් ඉටුකිරීමට සණස ලයිෆ් ඉන්ෂුවරන්ස් සමාගම විවිධ ක‍්‍රියාමාර්ග ගත්තේය. විශේෂයෙන්ම වසංගත තත්වය හේතුවෙන් දුෂ්කරතා සඳහා මුහුණ දුන් රක්ෂණ හිමියන්ට සහණ රැසක් පිරිනැමීය. එහිදී රක්ෂණ හිමියන් 21000කට අධික පිරිසකගේ නොගෙවූ රක්ෂණ වාරික කපා හැරීය.

මෙම සුවිශේෂ ක‍්‍රියාමාර්ග නිසා World Economics සගරාව පිරිනමන Life Insurance COVID-19 Response Initiative Sri Lanka 2021 සහ Most Sustainable Life Insurance Company Sri Lanka සම්මාන දිනා ගැනීමට සමාගම සමත් විය.

”ග‍්‍රාමිය ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා කටයුතු කරන සමාගමක් ලෙස ජනතාවගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කිරීම අපගේ ප‍්‍රමුඛ අරමුණක්. විවිධ රක්ෂණ විසඳුම් සපයමින් අපගේ ව්‍යාපාරය ජනතාව අතරට ගෙන යන්න අප කටයුතු කරනවා.” යනුවෙන් ප‍්‍රධාන විධායක නිලධාරී ඉන්දික කිරිවන්දෙණිය මහතා පැවසීය.

”දළ රක්ෂණ වාරික වෙළෙඳපොළ කොටස අනුව 14 වැනි ස්ථානයේ සිට සිට 11 වැනි ස්ථානය දක්වා පැමිණෙන්න සහ පසුගිය කාලයේදී වේගයෙන්ම වර්ධනය වන ජීවිත රක්ෂණ සමාගම ලෙස ස්ථානගත වෙන්න අපට අවස්ථාව ලැබුණා. එයට විකුණුම් කණ්ඩායමේ කැපවීම සභාපතිතුමා සහ විධායක නිලධාරිතුමාගේ නායකත්වය ප‍්‍රබල හේතුවක් වුණා.” යනුවෙන් ප‍්‍රධාන ව්‍යාපාර නිලධාරී අයිවන් නිකලස් මහතා පැවසීය.

t

o

p