ආනයන තහනම අස්සේ ගෙන්වූ වාහන 400 රාජසන්තක වෙයිද?

October 27, 2021

කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන 400කට ආසන ප්‍රමාණයක් රාජසන්තක කරනවාද නැද්ද? යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇණවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී තිබේ.

මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි.

මෙම වාහන වරාය භුමියේ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවද රේගුව පවසයි.

t

o

p