දවස් දෙකක් අඳුරේ ඉන්න වෙයි – වෘත්තීය සමිති අනතුරු අඟවයි

October 27, 2021

”ආණ්ඩුව අපිට කියනවා. වැඩවර්ජනයකට පලයල්ලා. අඳුරේ තියපල්ලා. එතකින් මෙහා අපි මේ නරුම ප්‍රතිපත්තිය මේ ගිවිසුම අකුල ගන්නේ නැහැ කියලා..ඒ නිසා අපි ජනතාවට කියනවා. මේ තුවාලය සුව කරන්න ඔබට අපිට අඳුරේ ඉන්න වෙයි දවස් දෙකක්. අපි රට අඳුරට පත් කරනවා වැඩ වර්ජනයකට යනවා ” යනුවෙන් විදුලිය වෘත්තීය සමිති වැඩ වර්ජනයක් දියත් කරන බව එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් ප්‍රකාශ කර සිටිනවා

මෙරට එල්.එන්.ජී. සැපයුම ඇමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිව විරෝධය පළකරමින් ඔවුන් මෙම ක්‍රියාවලිය ආරම්භ කරන බවයි වාර්තා වන්නේ.

ආණ්ඩුවේ සෙසු පක්ෂ 11ක නායකයන් හා ඛනිජ තෙල්, විදුලිබල සහ වරාය වෘත්තීය සමිති කිහිපයක නායකයන් සමග බොරැල්ලේ පිහිටි කොමියුනිස්ට් පක්‍ෂ කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකින් පසු ඔහු මේ අදහස් පල කර සිටියා.

t

o

p